lagna palapala 2018.04.07 -2018 අප්‍රේල් මස 07 වන සෙනසුරාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.07 -2018 අප්‍රේල් මස 07 වන සෙනසුරාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

මේෂ ලග්නය – 

රාජකරී බහුලි. අව්වේකය මත කටයුතු කරයි. ගමන් බිමන් තමක් අධික වෙයි. දුරදිග නොබලා කටයුතු කිරීමෙන් ජය ප්‍රමාද වෙයි.කලකිරීමෙන් දවසේ වැඩවල යෙදේ. තරමක් ණයත තුරුස් වීමට සිදුවෙයි. තම ඥාතීන් සමඟ මතභේදවලට තුඩුදෙන කරණු මතු කරයි.ශුභ වර්ණය රතු ජය අංකය 05

වෘෂභ ලග්නය –

ගමන් බිමන් අධික වෙයි.ප්‍රිති උත්සවවලට සහභාගී වෙයි.නවත මිතුදම් වර්ධනය වෙයි. ලිපි ලේඛනවලින් ජය ගෙනේ.  හදිසි ලාභ ලැබීම්වලට හේතුය. නවමු අත්දැකීම් ලබන දිනකි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි. ශුභ වර්ණය සුදුු ජය අංකය – 02

මිථුන ලග්නය – 

ශුභ ගමන්වලට හේතුවෙයි. රාජකාරී ස්ථාානවල පැවැති බාධා ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබීම්වලට හේතුවේ. ශාස්ත්‍රිය කටයුතුවලත් ජයගෙනේ. අන් අයගේ වැඩවලදී මුල්තැනදී වැඩ කරයි. තරමක් ප්‍රසාදජනක සිතුවිලි පහළ වෙයි. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති ශුභ වර්ණය කොළ පැහැය ජය අංකය – 07

කටක ලග්නය – 

විනෝද ගමන් දුරගමන්වලට හේතුවේ. ප්‍රීති උත්සවවලට සහභාගී වීමේ අවස්ථා යෙදේ. විනෝද කටයුතු සඳහ වැයපස අධික වෙයි. කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි. හදිසි  ලාභ ලැබීම්වලට හේතු වේ. ශුභ වර්ණය ක්‍රීම් පැහැය ජය අංකය – 08

සිංහ ලග්නය

සැලසුම් දියත් කර ගැනීමේ  ශක්තිය ඇතිවෙයි. නව නිර්මාණ, මෙහෙයවීම් ඇරඹමට ශුභයි. උගුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් උපකාර උපදෙස් ලබයි. හදිසි ගමන් යෙදේ. සමාජ සත්කාර සඳහා යොමු වන අතර වෙනදට වඩා වැයපස ඉහළ යයි. අමතර ලාභ ලබන දිනකි. ශුභ වර්ණය ලා දම් ජය අංකය – 03

කන්‍යා ලග්නය – 

ශුභ දිනකි. රැකියා ස්ථානවල උසස්වීම් හෝ මූලිකත්වය ලබන කටයතු යෙදේ. සම්මුඛ සාකච්ඡා, සම්මුඛ පරීක්‍ෂණ ආදියට ශුභ දිනකි. නව නිපැයුම් ආරඹීමට හොඳයි. යාන වහන මිලට ගැනීමට විකිණීමට ශුභයි. හදිසි ධන ලාභ ලැබීමකට වැනි දේකට හේතු ගෙන දෙයි. ශුභ වර්ණය රන්වන් ජය අංකය – 04

තුලා ලග්නය – 

මූලික අරමුණ සාර්ථක කර ගැනීමේ හැකියාව ඇතිවෙයි. ප්‍රීති උත්සව, ප්‍රිය සාද යෙදෙයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට පත්වෙයි. ගමන් බිමන් අධික වෙයි. ප්‍රවේශම් වීම මැනවි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනාගනී. හදිසි ධන ලාභ ලැබීමට හේතුයි. ශුභ වර්ණය අළු පැහැය ජය අංකය – 06

වාශ්චික ලග්නය –

ගමන් බිමන් යෙදේ. රාජකාරී ස්ථානවල බාධා ජයගනී. ප්‍රීති උත්සවවලට සහභාගී විමේ අවස්ථා යෙදේ. තම ඥාතීන් වෙනුවෙන් කාලය, ධනය වැය කිරිමට සිදු වෙයි.දේපළ මිලට ගැනීමට ශුභයි. භූමි සම්පත් ළඟා කර දෙයි. උනන්දුව මැනවි. ශුභ වර්ණය ලා රතු ජය අංකය – 09

ධනු ලග්නය – 

උන්නදුවෙන් රාජකාරී කටයුතුවල යෙදේ. සමාජ සේවා කටයුතුවල මුල් වෙයි. ඇසුරු කරන්නන් අතර ප්‍රධාන වෙයි. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. ගමන් බිමන් වලදී ප්‍රවේශම මැනවි. තම පෞද්ගලික ව්‍යාපාර ඉහළ මට්ටමක පෙනේ. ලිපි ලේඛනවලින් ජය දෙයි. ශුභ වර්ණය ලා දම් ජය අංකය – 07

කර ලග්නය – 

රාජකාරී ස්ථානවල මත භේද ඇති වෙයි. කලකිරීම් ඇති වන ප්‍රශ්න මතු කරයි. ඉවසීමෙන්බ කටයුතු කළ යුතුයි.පොදු සේවා සමාජ සේවා සත්කාර  කටයුතුවල යෙදේ.ඇසුරු කරන්නෝයන මඟට යොමු කරවන කටයුතු දියක් කරයි. හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුවෙයි. ශුභ වර්ණය නිල් ජය අංකය – 06

කුම්භ ලග්නය – 

දියත් කර ඇති ව්‍යාපාරවලින් ජය ගෙනේ. හදිසි ගමන් දුර ගමන් යෙදේ.ඥාතින් ඒකාරාශී වන අතර සුහද හමුවීම්වලට හේතු ගෙන දෙයි. විනෝද ජනක කටයුතු සඳහා යොමුවන අතර වෙන දිනවලට වඩ වැයපස ඉහළ යයි. ශුභ වර්ණය දම් ජය අංකය – 05

මීන ලග්නය – 

රාජකාරී ස්ථානවල කැපී පෙනෙයි. ප්‍රසාදය දිනාගනී.දේපළ මිලට ගැනීමට ශුභයි. ප්‍රීති උත්සවවලට සහභාගී වෙයි.ආගමික උත්සවවලට ද සහභාගී වීමේ අවස්ථා යෙදේ. තරග තරඟවලින් ජය ගෙනෙයි.අමතර ලාභ ලබයි. ශුභ වර්ණය කහ ජය අංකය – 01

No comments:

Post a Comment