lagna palapala 2018.04.10 - 2018 අප්‍රේල් මස 10 වන සදුදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.10 - 2018 අප්‍රේල් මස 10 වන සදුදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

මේෂ ලග්නය – 

සුපුරුදු චර්යාවන්ගෙන් වෙන් වී ආගමික වතාවත්වල,අධ්‍යාත්මක ගුණවගාවන්වල යෙදේ. ඇසුරුකරන්නන් සමඟ යහපත් දර්යා වර්ධනයට යොමුවෙයි.පොදු සේවා,සමාජමය කටයුතුවල යෙදේ.දුර ලමන් යෙදේ.වෙනදාට වඩා වැයපස ඉහළයයි. අමතර ලාභ ලබන දිනකි. ශුභ වර්ණය රතු ජය අංකය 01

වෘෂභ ලග්නය – 

එතෙර ගමන්, දුර ගමන්වලට හේතුයි. වන්දනා විනෝද ගමන්වලට හේතුයි.ඥාතින් යහමගට යොමු කරවන වැඩකටයුතුවල යෙදේ. තුරඟ තරඟ, විභාගදී කටයුතුවලට ශුභයි.  භූමිලාභ,භූමි සම්පත් දේපළ විකිණීමට මිලට ගැනීමට ශුභයි. තරමනක් සැහැල්ලුවෙන් දවස ගෙවයි. ශුභ වර්ණය රතු ජය අංකය 04

කටක ලග්නය - 

තරමක් ශුභ දිනකි. නිවසේ උත්සව ශ්‍රීයාවක් ඇතිවෙයි. ඥාතීන් , මිහතමිතුරන් ඒකාරාඕ වී සුහද සාකච්ඡාවලට යොමු වේ. බැඳීම් අතර වර්ධනය සිදුවේ. විනෝද ගමන්, වන්දනා ගමන් යෙදේ. තරමක් වැයපස වැඩි කරයි. අමතර ලාභ ලැබිම්යලට හේතුයි. ශුභ වර්ණය ලා නිල් ජය අංකය 02

ෂිංහ ලග්නය - 

තරමක් ශුබ දිනකි. අනවශ්‍ය බැඳීම් අත්හරියි. විනෝදචකාරී සිතුවිලි ක්‍රියාකරයි. දුර ගමන්, විනෝද ගමන් යෙදේ. ඒ සඳහා  වැයපස ඉහළ යයි. හිත මිතුරන් සමඟ සුහදතාවය වර්ධනය වන කටයුතු වල යෙදේ. ආගමික වතාවත්  සඳහ යොමු වෙයි. ශුභ වර්ණය තැඹිලි ජය රතු අංකය 06

කන්‍යා ලග්නය - 

සැහැල්ලුවෙන් දවස ගෙවේ. නව නිර්මාණ ඇරඹීමට හොඳයි.පොදු සේවා, සමාජ සේවා සඳහා යොමු වෙයි. අධ්‍යාත්මික ගුණ වර්ධන කටයුතුවල යෙදේ. දුර ගමන්, විනෝද චරිකාවල යෙදේ.අමකර ලාභ ගෙනෙන දිනකි. ශුභ වර්ණය කොළ ජය රතු අංකය 09

තුලා ලග්නය - 

නව නිපැයුම් ඇරඹීමට හොඳයි සමාජ සේවා කටයුතුවල, ආගමික සේවා කටයුතුවලය යෙදේ. කලකිරීම ඇතිවීමේ හේතු මුල් කර අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමු වේ. එය මානසික සුවයට හේතු ඥාතින් අතර කැපී පෙනෙන අයකු වෙයි.ශුභ වර්ණය සුදු ජය අංකය 07

වෘශ්චික ලග්නය - 

අභිමත කරුණු ඉටුවෙයි. අවශ්‍යතාව මුල්කර දවසේ ක්‍රියා කරයි. පොදු සේව කටයුතු සඳහා තරමක් වැටපස අධික කරයි. තම ඇසුරු කරන්නෝ ආගමික වතාවත් සඳහා යොමු කරයි. ඔවුන් උදෙසා පුණ්‍ය කර්ම කරයි. අධ්‍යාත්මික කටයුතු වර්ධනය කරයි. ශුභ වර්ණය දුඹුරු - ජය අංකය 03

ධනු ලග්නය - 

සියලු දින චාර්යාවන්ගෙන් දුරස්වෙයි. ආගමික පසුබිමක දවසේ වැඩි කාලයක් ගත කරයි. යහපත් සිතුවිලි වර්ධනය කරයි. දුරස්ථව සිටි ඥාතින් සමඟ සමීපවන කරුණු යෙදේ.සමාජ සේවා කටයුතු පොදු සේවා කටයුතු සඳහ යොමු වෙයි. ශුභ වර්ණය කහ - ජය අංකය 08

මකර ලග්නය - 

විනෝදජනක කටයුතු සඳහ යොමු වේ. ඥාති මිත්‍රාදීන් ඒකාරාශී වී ගමන් බිමන් යෙදේ. තරමක් විය පැහැදම් වැඩි කරයි. ප්‍රීති උත්සව ගත කරයි.දවස සැහැල්ලුවෙන් ගත කරයි. ආගමික පුද පූජා කෙරෙහි යොමුවෙයි. ශුභ වර්ණය දම් පැහැය - ජය අංකය 08

කුම්භ ලග්නය - 

ක්‍රියාශීලී දිනකි. සුපුරුදු රාජකාරීවලින් නිදහස්ව කටයුතු කරයි. දුර ගමන් යෙදේ. තම හිතමිතුරන්, ඥාතීන් සමඟ සුහද සාකච්ඡා , සුහද හමුවීම්වලට හේතුයි. තම ඇසුරු කරන්නෝ ද ඒකරාශී කර ආගමික ක්‍රියාවන් සඳහා යොාමු වෙයි. ශුභ වර්ණය දම් - ජය අංකය 08

මීන ලග්නය - 

දුර ගමන්, වන්දනාා ගමන් යෙදේ. තම නිවසේ උත්සව ශ්‍රියවක් ගෙනේ. නවක මිතුදම් ඇතිවෙයි. පැරණි මිතුදම් වර්ධනය වෙයි. හිත සැහැල්ලුවෙන්, සතුටින් ගෙවන දිනකි. අගමානුකූල කටයුතු සඳහා ද පුද පුජා කර්ම සඳහා ද යොමු වෙයි. ශුභ වර්ණය තද කහ - ජය අංකය 05

No comments:

Post a Comment