Lagna Palapala: 2018 epa panchanga litha
Showing posts with label 2018 epa panchanga litha. Show all posts
Showing posts with label 2018 epa panchanga litha. Show all posts

Thursday, November 1, 2018

2018 නොවැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද?

November 01, 2018 0
2018 නොවැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා | අද දවස ඔබට කොහොමද?
අද දවස ඔබට කොහොමද?
2018 නොවැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා
ඉර උදාව   - පෙරවරු 05.58 ට
ඉර බැසීම  - පස්වරු 17.50 ට
රාහු කාලය
දිවා 13.28 සිට 14.57 දක්වා
රාත්‍රී 01.28 සිට 02.57 දක්වා
සුභ දිශාව - උතුර
මරු සිටින දිශාව - දකුණ

මේෂ ලග්නය
තැන්පත් ධනය ද වැය කර ආර්ථික අපහසුතා ඇති කරවිය හැකිය. මුහුණ නිකට ආදී ශරීර ස්ථානවල යම් ආසාත්මිකතා මතු කරවිය හැකි දිනයකි. සංගීතය, නැටුම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ හැකියාවන් අද දිනය තුළ වර්ධනය වේ. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති හදිසි අනතුරු ආදිය අද දිනයේ ඇති කරවිය හැකිය. පවුල් සබඳතා සඳහා අද දිනය සුබදායක දිනයක් නොවේ. ප්‍රේම සබඳතා සඳහා සුබදායක දිනයකි. ජය වර්ණය - රතු,   ජය අංකය  -  09,    නෙළුම් මලක් පූජා කරන්න.

වෘෂභ ලග්නය
රැකියා කරන ස්ථානවල දී වැඩි උද්යෝගයකින් කටයුතු කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට මතක ශක්තිය පිළිබඳව ගැටලු ඇති කරයි. දූ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද අද දිනයේ සුබදායක නැත. ව්‍යාපාරිකයින්ට යහපත් ලෙස දිනය ගත කළ හැකිය. බොහෝ පිරිසක් අතර ඔබගේ කීර්තිය පැතිර යන දිනයකි. මිතුරු මිතුරියන් අතර ඔබ විශේෂ අයෙක් වනු ඇත. මුහුණේ ශ්‍රියාව වෙනුවෙන් වැඩි කාලයක් ගත කරන දිනයකි. ජය වර්ණය - නිල්,   ජය අංකය - 05,    ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.

මිථුන ලග්නය
පොත්පත් කියවීම, මිල දී ගැනීම ආදිය සඳහා රුචිකත්වය වැඩි කරවන දිනයකි. අධ්‍යාපන කටයුතුවල දී මතක තබා ගැනීමේ ශක්තිය දූ දරුවන්ට ගැටලු ඇති කරවිය හැකිය. යුග දිවියේ තම ආධිපත්‍යය පැතිරවීමට යෑම අසුබකාරී දේ කරවිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් අද දිනයේ යම් උපදේශාත්මක වදන් ලබා දෙනු ඇත. නීතිය හා සම්බන්ධ ලියකියවිලි කිහිපයකට අත්සන් තැබීමට ද අද දිනයේ සිදු වේ. ජය වර්ණය - කොළ,  ජය අංකය - 05,  ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

කටක ලග්නය
ලිපි ලේඛන කටයුතු පොත්පත් ලිවීම ආදී දේවල නිරත අයට තම හැකියාවන් උපරිම කරගත හැකි දිනයකි. කාලත්‍ර පාර්ශවයේ අද දිනයේ ඔබ බලාපොරොත්තු වූ සහාය ලබා ගැනීමට නොහැකිවනු ඇත. හුදකලා බවක් නිරූපණය කරන දිනයකි. අසනීප තත්වයක් වෙනුවෙන් මුදල් වැය කිරීමක් පෙන්නුම් කරයි. ලාභ බලාපොරොත්තුව කරන බොහෝ දේ තුළින් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා කරගත නොහැකිය. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02,  විළඳ පූජා කරන්න.

සිංහ ලග්නය
පිය පාර්ශ්වයෙන් ආධාර උපකාර ඉල්ලීමට අද දිනය සුබදායකය. රෙදිපිළි, විසිතුරු දේ මිලට ගැනීම සඳහා වැය පාර්ශවය අධික කරවයි. රැකියා ස්ථානවල දී විවිධ අන්දමේ චෝදනා අපවාද ආදියට ලක් විය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. තෙල් සහිත ආහාර අද දිනයේ ඔබ පීඩාවට පත් කරවිය හැකිය. යුග දිවියේ සාමය සතුට රැඳෙන දිනයකි. හවුල් ව්‍යාපාර කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ක්‍රීඩා ජයග්‍රහණ හිමිවන දිනයකි. ජය වර්ණය - රතු,  ජය අංක - 01,   නෙළුම් මලක් පූජා කරන්න.

කන්‍යා ලග්නය
ආවේගකාරී තත්ත්වයන් මතු කරවන අද දිනයේ ඔබගේ මානසික සුවය අහිමි කරවයි. ඉතා කල්පනාවෙන් කටයුතු කරන්න. හිස ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් හෝ අක්ෂි ආබාධ මතු කරවිය හැකිය. ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට දරන ප්‍රයත්නයන් සාර්ථක කරවයි. මිතුරු සබඳතා සඳහා බාධාකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. මවු පාර්ශ්වයේ යම් අසනීප තත්ත්වයක් වෙනුවෙන් මුදල් වැය වීමක් බලාපොරොත්තු විය හැකිය. ජය වර්ණය - කොළ,   ජය අංකය -05,   ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.

තුලා ලග්නය
හවුල් ව්‍යාපාර ආදියේ නිරතවන පිරිස් අද දිනයේ කල්පනාකාරී විය යුතුය. වචන හුවමාරු මත ගැටුම් ආදිය නිසා යම් ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකිය. උදරයේ පහළ අසනීපගති මතු කරවන දිනයකි. කල්පනාකාරීව කටයුතු කරන්න. තැන්පත් ධනය වැය කිරීමට හේතුවන දිනයකි. මවු පාර්ශ්වයේ අය තත්ත්වය ඉහළ යා හැකිය. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරවයි. ජලයෙන් ප්‍රවේශම්වන්න. ජය වර්ණය - නිල්,   ජය අංකය - 06,   ඊශ්වර දෙවිඳුට  සෙත් පතන්න.

වෘශ්චික ලග්නය
වැඩිමහල් සහෝදරයකුගේ දේපළ ඉඩකඩම් මිල දී ගැනීමක් ගැන ආරංචියක් ඔබට ලැබෙනු ඇත. ඉඩකඩම් ආශ්‍රිත කටයුතුවල නිරත අයගේ ආදායම් තත්ත්වය වර්ධනය කරවිය හැකිය. තම අභිමතය ක්‍රියාත්මක කිරීමට යෑම නිසා මිතුරන් අතර ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කෙරේ. සතුරු කරදර ආදිය අවම කරගෙන තම ජයග්‍රහණ කරා ළඟා කරවිය හැකිය. පිය පාර්ශවයේ ලැබීම් සඳහා අද දිනය සුබදායක වේ. ජය වර්ණය - රතු,   ජය අංකය -09,   නෙළුම් මලක් පූජා කරන්න.

ධනු ලග්නය
නිවසේ යම් අලුත්වැඩියා සම්බන්ධ කටයුත්තක් යෙදිය හැකි දිනයකි. මවුපස වැඩිහිටි ඥාතියකුට අපලකාරි තත්ත්වයක් මතුකර විය හැකිය. හෘද  රෝග ආදිය සම්බන්ධ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අද දිනය තුළ සාර්ථකව නිම කර ගැනීමට අවස්ථාව සැලසේ. බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධ කටයුතු සඳහා අද දිනයේ ඔබගේ වැඩි මැදිහත් වීමක් දැකිය හැකිය. ජය වර්ණය - රන්වන්,   ජය අංකය - 03,   ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

මකර ලග්නය
මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නොවනු ඇත. යම් ගැටලු සහගත තත්ත්වයන් නිසා මානසික පීඩනය ද අධික කරවනු ඇත. රැකියා කරන ස්ථානවල දී තම මතය තහවුරු කිරීමට යෑම ප්‍රධානීන්ගේ උදහසට ලක්විය හැකිය. උදරයේ ආබාධ පිළිබඳව අද දිනයේ කල්පනාකාරි විය යුතුය. කාලත්‍ර පාර්ශවයේ කටයුතු වෙනුවෙන් වැඩි වැයක් දැරීමට වන දිනයකි. ආදායම් තත්ත්වය ද වර්ධනය කර ගැනීමට හැකියාව ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 08,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

කුම්භ ලග්නය
නිවසට ප්‍රභූ අමුත්තන් පිරිසක් පැමිණීමට ඉඩ ඇත. රසවත් ආහාර අද දිනයේ ඔබගේ ප්‍රීතිය පිණිස වේ. උදරයේ පහළ අසනීපගති නිසා සවස් කාලයේ යම් අපහසුතා මතු කරවිය හැකිය. සේවක කාරකාදීන් අද දිනයේ ඔබ බලාපොරොත්තු වන සේවය උපරිම අයුරින් ලබා දෙනු ඇත. මවු පස මාමා කෙනකුගෙන් අද දිනයේ ඔබට විශේෂ ප්‍රදානයන් බලාපොරොත්තු විය හැකිය. ප්‍රේම සබඳතාවලට සුබදායකයි. ජය වර්ණය - නිල්, ජය අංකය - 06,   විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.

මීන ලග්නය
ලිපි කටයුතු ආදියට අත්සන් කරන විට දෙපාරක් සිතා බලා කටයුතු කළ යුතු දිනයකි. වැඩිමහල් සහෝදරයෙකුගේ දරුවකු සම්බන්ධ අසුභ ආරංචියක් අද දිනයේ ඔබට ලැබෙනු ඇත. ඔබ බොහෝ පිරිසකගේ ප්‍රශංසාවට ගෞරවයට ලක්වන දිනයකි. නිවසේ වැඩකටයුතුවල දී කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ඔබට ඉතා හොඳින් ලැබෙනු ඇත. මවු පස ලැබීම් පිණිස ඉල්ලීම් ඉදිරිපත් කිරීමට අද දිනය සුබදායක නොවේ. ජය වර්ණය - රන්වන්,  ජය අංකය - 03,  ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.

Thursday, July 26, 2018

Daily horoscope July 27th, 2018 Rukshan Jayasekara

July 26, 2018 0
Daily horoscope  July 27th, 2018  Rukshan Jayasekara

මේෂ ලග්නය
අලුතෙන් යමක් ආරම්භ කරන්නට බලාපොරොත්තු ඇති වන දවසක්. ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක්. හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් දක්නට ලැබෙ. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
මවු පාර්ශවිය ඥාතින් සමග පවතින සම්බන්දතා සාර්ථක කරගැනීමට හැකියාවක්. පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක. අන් අයගේ වේදනාවන් වෙනුවෙන් පෙනී සිටින දවසක්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
යහපත් වුවත් යම් ආකාරයක කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නට සිදු වනවා ඇත. බොහෝ කටයුතු වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙ. කටයුතු නිම කරගැනීමට කාලය මදි වන ආකාරයක් පවති. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
කරන කියන කටයුතු වලින් ඔබගේ ආර්ථිකය වඩ වඩා දියුණු කරගැනීමට හැකියාවක් පවති. විනෝදකාමී ආකාරයෙන් දවසේ කටයුතු පවත්වාගෙන යන්නට ඔබ උත්සාහ දරනවා. කොන්ද ආශ්රිුතව ආබාධතා වලින් කටයුතු වලට බාධා ඇති වීමට හැකියි. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
ජයග්රාගහි මානසිකත්වයෙන් යුක්තව කටයුතු කරයි. ඔබ අතගසන සෑම කටයුත්තක්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. ඔබ යම් ආයෝජනයක් කරලා තිබෙනවානම් ඒවගේ ප්ර තිඵල ලබාගැනීමට හැකියාවක්. මිතුරුකම් වර්ධනය වේ. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
අන් අයගේ ප්රරසාදයට ලක් වීමේ අවස්තාව වැඩියි. පොදු කටයුතු වලට මැදිහත් වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කර පවති. ඔබගේ වචනය අන් අය විශ්වාස කරන ආකාරයක් දක්නට ලැබෙ. අනපේක්ෂිත ගමන් කිහිපයක් ඇති වන්නට පුළුවන්. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය
ඔබ ඔබගේ සෞඛ්යේ පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කල යුතුයි. සෙම් සහිත රෝග වලින් පීඩාකාරී ස්වභාවයක් ඇති වන්නටද පුළුවන්. ගණිත මිණිත ආශ්රිුත කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට යහපත්. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
කටයුතු වල අනපේක්ෂිත වෙනස්කම් රාශියක්. අන් අය අතර ජවසම්පන්න ලීලාවෙන් කටයුතු කරන්නටද ඔබට හැකියාවක්. සිනාසී කටයුතු කරනු ඇත. ඔබගේ දියුණුවට අන් අයගේ අතහිත පහසුවෙන්ම ලඟා කරගැනීමට හැකියාවක්. ජය අංක :- 4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
මුරණ්ඩු සහ ආවේගශීලි ගති ලක්ෂණ ඇති කරන්නට හැකියි. සහෝදර පාර්ශවිය කටයුතු වලට මැදිහත් වීමක්. ඔබ සතුටින් සිටින්නට උත්සාහ දරනවා. මුරණ්ඩු ස්වභාවය යම් ආකාරයකට යටපත් කරගන්නට පුළුවන්. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
ඔබ වියපැහැදම් කරන විට ඒ කුමන කාරනාවක් සඳහාද යන වග හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත්. වැඩ කටයුතු නිසි පරිදි සැලසුම් කිරීම ඉතාමත් වටි. ප්‍රීතිමත් අවස්ථා වලට සහභාගී වීමට ඔබට ආරාධනා හොඳින්ම ලැබෙනු ඇත. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
හිතවත් උදවිය සමග ගනුදෙනු කරන විට ඉවසිලිවන්තව කටයුතු කිරීම ඉතාමත්ම වටි. අන් අය වෙනුවෙන් කැප වෙනවා වෙහෙස වනු ඇත. අනවශ්‍ය පිඩා මගහරවාගෙන කටයුතු කිරීම වැදගත්. ඇස් ආශ්‍රිත රෝග පිඩා ඇති වීමට ඉඩ ඇත. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
ඔබට ප්‍රේමනීය සම්බන්ධතා ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙ. කෙටි ආර්ථික තත්වයන්ගෙන් ආදායම් උපයනවා ඇත. උෂ්ණ රෝග වලින් පිඩා ඇති වීමට ඔබට හැකියාවක් පවතින නිසා සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

Daily horoscope July 26th, 2018 Rukshan Jayasekara

July 26, 2018 0
Daily horoscope  July 26th, 2018  Rukshan Jayasekara




මේෂ ලග්නය
පමණට වඩා අන් අය විශ්වාස කරගෙන කරගෙන කරනු ලබන කටයුතු සාර්ථක වන ආකාරයක් පෙන්නුම් නොකරයි. එය ඉතා ශුභයි. විශේෂයෙන් ඔබ ගනුදෙනු වලදී ප්‍රවේශම් වීමවැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
පවුලේ අයගේ අවවාද අනුශාසනා පිළිගැනීම වැදගත්. විශේෂයෙන් රෝග පිඩාවන්ට ලක් වීමේ ඉඩකඩක් පවති. තෙල් සහ සීනි සහිත ආහාර පාන අද දවසේ අගුණයි. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
ඔබගේ දැනුම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු දිනයක්. ඔබගේ දැනුම හැකියාව තුලින් අන් අය ප්‍රයෝජන ගන්නට පුළුවන්. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කල යුතු දිනයක්. බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
ගනු ලබන තීරණ අනාගත පහසුවෙන් සාර්ථක කරනවා ඇත. යුතුකම් වගකීම් වලට අනුගත වීම වැදගත්. අනාගතය දීප්තිමත් කරවන අන්දමේ සිදුවීම් සිදු වනු ඇත. උෂ්ණාධික රෝග පිඩා උදරයට හානිකර තත්වයන් උදා කරවන්නට හැකියාව පවති. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
සවස් භාගය වන විට ජය උදාපත් කරගන්නටනම් ඔබ සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අද දවසේ ලැබීම් සඳහා ඉතාමත්ම ශුභයි. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
ඔබ ඉක්මන් තීන්දු තීරන ගැනීමේ ඉඩකඩක් පවති. අධික අනුකම්පාවෙන් යුතුව කටයුතු කිරීම ඔබට අවාසිදායක ලෙස බලපාන්නට පුළුවන්. බුද්ධිය පෙරදැරි කරගෙන කටයුතු දියත් කිරීම වැදගත්. අස්ථි ආශ්රිත රෝග වලට ලක්වන්නට පුළුවන්. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය
කටයුතු වල නිරත වීමේදී සමානාත්මතාවය පෙරදැරි කරගෙන කටයුතු කරන්නට මතක තබාගන්න. අන් අයගේ චෝදනා අපහාස ආදියට ලක් වීමේ ඉඩකඩක් පවති. ඔබගේ දුර්වලතාවන් සහ ශක්තින් තේරුම් ගෙන දවසේ කටයුතු දියත් කිරීම වැදගත්. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
පවුලේ සාමයට සහජීවනට යහපත් තත්වයක් නොවෙයි. උදෑසන සිටම සමබරතාවයකින් යුතුව කටයුතු කරන්නට මතක තබාගන්න. සැලසුම්සහගත වීම ඉතාමත්ම වැදගත්. හිස ආශ්‍රිත ආබධතා ඇති වීමට හැකියාවක් පවති. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
බොහෝ විට ඔබ සිතන්නේ පසුගිය දිනවල පැවති මානසික ව්යාකුලතාවයන් පිළිබඳවයි. විශ්වීය ශක්තිය වාසි සහගත ලෙස උපකාර වනවා. අතපසු වූ කටයුතු පහසුවෙන් සාර්ථක වනු ඇත. උදෑසන සිටම සැලසුම්සහගතව කටයුතු කිරීම වැදගත්. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
ඔබට අද දිනයේදී ඔබට ෂෝගයක් උදා වී පවති. ඉතාමත්ම යහපත් දිනයකි ඔබට උදාවී පවති. කාන්තා පාර්ශවය සමග වැඩි ගනුදෙනු කිරීම යහපත් නැත. ශුභම ශුභ දිනයක් බවට පත් කරගන්නට හැකියාව පවති. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
දුරබැහැර ගමනක් බිමනක් සාර්ථක කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව පවති. විශේෂයෙන්ම විදේශගත ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන්. තුවාල ඇති වීමට හැකියාව ඇත. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
නොසලකා හරිනු ලබන සුළු අසනීප තත්වයන් වල විපාක සවස් වන විට අත්විඳීමට සිදු වේවි. ප්‍රතිශක්තිකරණය හීන වන ආකාරයක් දක්නට පුළුවන්. රෝග පිඩා ආදියෙන් පිඩා විඳිනවානම් නිසි මාත්‍රාවට ඖෂධ ලබාගැනීම වැදගත් වේවි. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

Sunday, July 22, 2018

Daily horoscope | July 22th, 2018 | Rukshan Jayasekara

July 22, 2018 0
Daily horoscope | July 22th, 2018 | Rukshan Jayasekara



මේෂ ලග්නය
ඔබගේ අධ්‍යාපනික කටයුතු තරමක් අඩාල වන ආකාරයක් දක්නට ලැබෙ. ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. කාර්යබහුල ස්වභාවය නිසා සකස් කරගත් සැලසුම් මදක් වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙ.ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
ඔබ ගෘහාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබාදී කටයුතු කරන්නට උත්සාහ කරනවා ඇත. ඔබට ගෙදරදොර ආරවුල් පවා ඇති වන්නට හැකියාවක් පවති. අන් අය සමග නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරයි. ඔබගේ මතය තුලම රැඳී සිටින්නට උත්සාහ දරනවා ඇත. මේ නිසා ඔබට උදවු උපකාර කරන්නට පෙළඹෙන පිරිස් අවසානයේදී ඔබ පිළිබඳව කලකිරීම් ඇති කරගැනීමටද හැකියාවක් පවති. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
ඔබට බොහෝ කටයුතු සාර්ථකව ඉටු කරගැනීමට හැකියාවක් පවති. ගෘහාශ්‍රිත කටයුතු සහ මවු පාර්ශවය ආශ්‍රිත කටයුතු මෙන්ම ප්‍රේමනීය කටයුතු සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. අනවශ්‍ය කටයුතු වලට අතපෙවීම එතරම් සුදුසු නැහැ. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
උදෑසනම කටයුතු සැලසුම් කරගැනීම ඉතාමත්ම වටි. උදෑසන කාලපරිච්චේදයේදී යහපත් ප්‍රතිඵල උදාපත් කරගැනීමට හැකියි. ඔබට අනවශ්‍ය ගමන් බිමන් බොහොමයක් අද දිනයේදී ඇති වීමට ඉඩ ඇති. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
සියුම් ක්ෂේත්‍ර වල නිරත වන කන්‍යා ලග්න හිමියන්ගේ කටයුතු සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. අලුත් ආකාරයේ අදහස් පහල වීමටද හැකියාවක් පවති. වෙනස් ආකාරයේ මත ඔබ ඉදිරිපත් කරනු ඇත. පරිනත ආකාරයෙන් කටයුතු කරයි. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය
ඔබ අතගහන බොහෝ කටයුතු පිළිබඳව යම් ආකාරයක සැකයක් ඇති වීමට ඉඩකඩක් පවති. මනසත් නිරන්තරයෙන්ම වෙනස් වන නිසා කෙලින් තීන්දු තීරණ ගන්නට හැකි පුද්ගලයෙක් බවට පත් වනවා. සැලසුම්සහගත වීම වැදගත්. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
සිතින් මනසින් වෙහෙස වන දවසක්. ඔබගේ ආර්ථිකය පිළිබඳව අනියත බිය සංකා ඇති වී මනසට යම් පීඩාකාරී තත්වයක්. සවස් භාගය වන විට ඔබට සාර්ථක තත්වයක් උදා කරගැනීමට හැකියාවක් උදාපත් වේවි. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඔබ උත්සාහ කරනුයේ සිනාසී කටයුතු කරන්නටයි ඔබගේ ජයග්‍රහණයේ සංකේතය වන්නේද එයම. ඔබට සෙම් රෝග ඇති වීමට හැකියාවක් පවති. සැලකිලිමත් වන්න. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
ඔබට ඥාණ ශක්තිය වර්ධනය කරගැනීමට පුළුවන්. මවු පස කටයුතු සහ කාන්තා පාර්ශවය සමග ඔබ කරන කියන කටයුතු සාර්ථක වනු ඇත. ඔබ වටා ගුප්ත ශක්තියක් එකතු වෙනවා මෙන්ම ඔබ රහසිගත කටයුතු වෙත යොමු වනවා. ප්‍රේමය ට බාධා ඇත. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
සතුරුකාරි, ඔබ අකමැති පරිසරයක කටයුතු කරන්නට සිදු වනු ඇත. නමුත් ඒ පරිසරය තුල ඔබට අවේනික වූ ආකාරයෙන් කටයුතු කරන්නට ඔබ උත්සාහ දරනු ඇත. දවස පුරාම ඉවසීම සහ උපේක්ෂා සහගත බව පවත්වාගැනීම වැදගත්. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
සැනසිලිදායක ආකාරයකට කටයුතු කරනවා ඇත. එමෙන්ම ආගමික කටයුතු වෙනුවෙන් වැඩි ආකාරයෙන් ඔබ නැඹුරු වනවා ඇත. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට ඔබ ඔබගේ උපරිම උත්සාහය යොදවනු ලබන දිනයකි. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

Tuesday, July 17, 2018

2018 ජුලි මස 18 වන බදාදා අද දවස ඔබට කොහොමද? daily horoscope

July 17, 2018 0
2018 ජුලි මස 18 වන  බදාදා අද දවස ඔබට කොහොමද? daily horoscope


මේෂ ලග්නය
අලුතෙන් යමක් ආරම්භ කරන්නට සිත තුල නළියන බලාපොරොත්තු ඇති වන දවසක්. ඔබ බොහෝ සැලසුම් සකස් කරන දිනයක්. හැබැයි අනවශ්ය ආකාරයට කටයුතු කල් දමන ආකාරයකුත් දක්නට ලැබෙනවා. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
මවු පාර්ශවිය ඥාතින් සමග පවතින සම්බන්දතා සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. පින් සිතිවිලි වර්ධනය වන නිසාම අන් අයත් සමග බොහොම දැහැමි සිතින් යුතුව කටයුතු කරන්නට හැක. අන් අයගේ වේදනාවන් වෙනුවෙන් ඔබ පෙනී සිටින දවසක්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
කලබලකාරී ස්වභාවයකින් යුතුව කටයුතු කරන්නට සිදු වනවා ඇත. බොහෝ කටයුතු වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙ. ඔබගේ කටයුතු නිම කරගැනීමට කාලය මදි වන ආකාරයක් පවති. උදෑසන සිටම සැලසුම් සහගත ලෙස කටයුතු කළ යුතුයි. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
කරන කියන කටයුතු වලින් ඔබගේ ආර්ථිකය වඩ වඩා දියුණු කරගැනීමට හැකියාවක් පවති. විනෝදකාමී ආකාරයෙන් කටයුතු පවත්වාගෙන යන්නට ඔබ උත්සාහ දරනවා. නමුත් මුත්රාආශය, කොන්ද ආශ්රිුතව ආබාධතා වලින් දවසේ කටයුතු වලට යම් බාධා. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
ජයග්රාගහි මානසිකත්වයෙන් යුක්තව ඔබ කටයුතු කරයි . අතගසන සෑම කටයුත්තක්ම සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. ඔබ යම් ආයෝජනයක් කරලා තිබෙනවානම් ඒවගේ ප්ර තිඵල ලබාගැනීමට හැකියාවක් පවති. මිතුරුකම් වර්ධනය වේ. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
අන් අයගේ ප්රරසාදයට ලක් වීමේ අවස්තාව වැඩියි. පොදු කටයුතු වලට මැදිහත් වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කර පවති. ඔබගේ වචනය අන් අය විශ්වාස කරන ආකාරයක් දක්නට ලැබෙ. අනපේක්ෂිත ගමන් කිහිපයක් ඇති වන්නට පුළුවන්. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය
සෞඛ්යේ පිළිබඳව වෙනදාට වඩා සිතා බලා කටයුතු කල යුතුයි. සෙම් සහිත රෝග වලින් යම් ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වන්නටද පුළුවන්. ගණිත මිණිත ආශ්රිුත කටයුතු වල නිරත වන තුලා ලග්න හිමියන්ට යහපත්. ජය අංක :- 4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
කටයුතු වල අනපේක්ෂිත වෙනස්කම් රාශියක් ඇති වන්නට හැකියාවක්. අන් අය අතර ජවසම්පන්න කටයුතු කරන්නට හැකියාවක්. සිනාසී කටයුතු කරනු ඇත. දියුණුවට අන් අයගේ අතහිත පහසුවෙන්ම ලඟා කරගැනීමට හැකියාවක්. ජය අංක :-  4,7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
මුරණ්ඩු සහ ආවේගශීලි ගති ලක්ෂණ ඇති කරන්නට හැකියි. සහෝදර පාර්ශවිය කටයුතු වලටත් යම් ආකාරයක මැදිහත් වීමක්. ඔබ කාර්යබහුල ස්වභාවයකුත් ඇති කරවනවා. ඔබ සතුටින් සිටින්නට උත්සාහ දරනවා. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
ඔබ වියපැහැදම් කරන විට ඒ කුමන කාරනාවක් සඳහාද යන වග හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත්. වැඩ කටයුතු නිසි පරිදි සැලසුම් කිරීම වටි. එමෙන්ම ප්‍රීතිමත් අවස්ථා වලට සහභාගී වීමට ඔබට ආරාධනා හොඳින්ම ලැබෙනු ඇත. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
ඔබගේ හිතවත් උදවිය සමග ගනුදෙනු ඉවසිලිවන්තව කටයුතු කිරීම තමයි. ඔබ අන් අය වෙනුවෙන් කැප වෙනවා මෙන්ම වෙහෙස වනු ඇත. අනවශ්‍ය පිඩා මගහරවාගෙන කටයුතු කිරීම වැදගත්. ඇස් ආශ්‍රිත රෝග පිඩා ඇති වීමට ඉඩ ඇත. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
ප්‍රේම සම්බන්ධතා ශක්තිමත් වන ආකාරයක් දක්නට ලැබෙ. කෙටි ආර්ථික තත්වයන්ගෙන් ආදායම් උපයනවා ඇත. උෂ්ණ රෝග වලින් පිඩා ඇති වීමට ඔබට හැකියාවක් පවති.. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ
Lagna palapala, Lagna palapala Today, 2018 epa panchanga litha, 

2018 ජුලි මස 17 වන අඟහරුවාදා අද දවස ඔබට කොහොමද? daily horoscope

July 17, 2018 0
2018 ජුලි මස 17 වන අඟහරුවාදා අද දවස ඔබට කොහොමද? daily horoscope

මේෂ ලග්නය
පමණට වඩා අන් අය විශ්වාස කරගෙන කරගෙන කරනු ලබන කටයුතු එතරම් සාර්ථක වන ආකාරයක් පෙන්නුම් නොකරයි. ඔබට අද දිනයේදී යෝගයක් උදා වී පවති.එය ඉතා ශුභයි. විශේෂයෙන් ඔබ ගනුදෙනු වලදී ප්‍රවේශම් වීමවැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
පවුලේ අයගේ අවවාද අනුශාසනා පිළිගැනීම වැදගත්. විශේෂයෙන් රෝග පිඩාවන්ට ලක් වීමේ ඉඩකඩක් පවති. තෙල් සහ සීනි සහිත ආහාර පාන වෘෂභ ලග්න හිමියන්ට අගුණයි. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
ඔබගේ දැනුම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගත යුතු දිනයක්. ඔබගේ දැනුම හැකියාව තුලින් අන් අය ප්‍රයෝජන ගන්නට පුළුවන්. ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කල යුතු දිනයක්. බුද්ධියට මුල් තැන දී කටයුතු කරන්න. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
ඔබ ගනු ලබන තීරණ අනාගත පහසුවෙන් සාර්ථක කරනවා ඇත. යුතුකම් වගකීම් වලට අනුගත වීම වැදගත්. අනාගතය දීප්තිමත් කරවන අන්දමේ සිදුවීම් සිදු වනු ඇත. උෂ්ණාධික රෝග පිඩා උදරයට හානිකර තත්වයන් උදා කරවන්නටද හැකියාව. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
සවස් භාගය වන විට ජය උදාපත් කරගන්නටනම් ඔබ සැලසුම්සහගතව කටයුතු කිරීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන් අද දවසේ සිංහ ලග්න හිමියන්ට ලැබීම් සඳහා ඉතාමත්ම ශුභයි. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
ඔබ ඉක්මන් තීන්දු තීරන ගැනීමේ ඉඩකඩක් පවති. අධික අනුකම්පාවෙන් යුතුව කටයුතු කිරීම ඔබට අවාසිදායක ලෙස බලපාන්නට පුළුවන්. බුද්ධිය පෙරදැරි කරගෙන කටයුතු දියත් කිරීම වැදගත්. අස්ථි ආශ්රිත රෝග වලට ලක්වන්නට පුළුවන්. ජය අංක :- 6, 9 ජය වර්ණ :- කොළ, නිල්
තුලා ලග්නය
කටයුතු වල නිරත වීමේදී සමානාත්මතාවය පෙරදැරි කරගෙන කටයුතු කරන්නට මතක තබාගන්න. චෝදනා අපහාස ආදියට ලක් වීමේ ඉඩකඩක් පවති. ඔබගේ දුර්වලතාවන් සහ ශක්තින් තේරුම් ගෙන දවසේ කටයුතු දියත් කිරීම වැදගත්. ජය අංක :-  4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
ඔබගේ පවුලේ සාමයට සහජීවනට යහපත් නොවෙයි. උදෑසන සිටම සමබරතාවයකින් යුතුව කටයුතු කරන්නට මතක තබාගන්න. සැලසුම්සහගත වීම වැදගත්. හිස ආශ්‍රිත ආබධතා ඇති වීමට හැකියාවක් පවති. ජය අංක :- 4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
ඔබ සිතන්නේ පසුගිය දිනවල පැවති මානසික ව්යාකුලතාවයන් පිළිබඳවයි. විශ්වීය ශක්තිය වාසි සහගත ලෙස උපකාර වනවා. අතපසු වූ කටයුතු පහසුවෙන් සාර්ථක වනු ඇත. උදෑසන සිටම සැලසුම්සහගතව කටයුතු කිරීම වැදගත්. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
අද දිනයේදී ඔබට ෂෝගයක් උදා වී පවති. ඉතාමත්ම යහපත් දිනයකි. කාන්තා පාර්ශවය සමග වැඩි ගනුදෙනු කිරීම එතරම් යහපත් නැත. ශුභම ශුභ දිනයක් බවට පහසුවෙන් පත් කරගන්නට හැකියාව පවති.ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
දුරබැහැර ගමනක් බිමනක් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටියානම් සාර්ථක කරගැනීමට හැකියාව පවති. විශේෂයෙන්ම විදේශගත ගමන් බිමන් පිළිබඳව බලාපොරොත්තු සාර්ථක කරගන්නට පුළුවන්. තුවාල ඇති වීමට හැකියාව ඇත. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
නොසලකා හරිනු ලබන සුළු අසනීප තත්වයන් වල විපාක අද සවස් වන විට අත්විඳීමට සිදු වේවි. ප්‍රතිශක්තිකරණය හීන වන ආකාරයක් දක්නට පුළුවන්. රෝග පිඩා ආදියෙන් පිඩා විඳිනවානම් නිසි මාත්‍රාවට ඖෂධ ලබාගැනීම වැදගත් වේවි. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ

Monday, July 16, 2018

2018 ජුලි මස 16 වන සදුදා අද දවස ඔබට කොහොමද daily horoscope

July 16, 2018 0
2018 ජුලි මස 16 වන සදුදා අද දවස ඔබට කොහොමද daily horoscope

මේෂ ලග්නය
අධ්‍යාපන කටයුත්තක නිරත වන තුල තරමක් බාධා ඇති වන්නට පුළුවන්. කායික ශක්තිය යහපත් වන දිනයකි. යම් කාර්යබහුලතාවයක් අද දවස පුරාම ඇති වන්නට පුළුවන්. ඔබගේ කටයුතු සාර්ථක ලීලාවෙන් අවසන් කරන්නට හැකියාව උදාපත් වේවි. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
ගෙවල් දොරවල් ආශ්‍රිත කාරණාවලදී යම් කාර්යබහුල ස්වභාවයක් ඇති වන්නට හැකියාවක් පවති. අනවශ්‍ය කටයුතු වලට මැදිහත් වී අත්‍යවශ්‍ය කටයුතු රැසක් මගහැරෙන ආකාරයක් දක්නට ලැබෙ. සැලසුම්සහගත වීම වැදගත්. ජයඅංක :- 1, 2, ජය වර්ණ :- රතු,කහ

මිථුන ලග්නය
පෞරුෂත්වය විදහා දක්වන්නට හැකියාව ලැබෙන දවසක්. ඔබ බලාපොරොත්තු වුණු සීමාව තුල ඔබගේ කටයුතු සිදු කරගැනීමට හැකියාව ඇත. ඒ නිසාම අන් අය ඔබගෙන් උපදෙස් පතාගෙන එන දවසක්. හැඟීම් වැඩි වශයෙන් උද්දීපනය වන දිනයකි. ජය අංක :- 1, 4, ජය වර්ණ :- කොළ, රතු

කටක ලග්නය
ඔබගේ ආරක්ෂාව පිළිබඳව බොහොම හොඳින් සැලකිලිමත් වීම වැදගත්. ඒ වගේම ශරීර සෞඛ්‍යයේත් යම් කිසි අඩුපාඩු අවහිරතා ඇති වීමට ඉඩකඩක් පවති.ඔබ තරමක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක්. ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන්න. ජය අංක :- 2, 3, ජය වර්ණ :- සුදු, රතු

සිංහ ලග්නය
කලබලකාරී තත්වයක් ඇති වන්නට හැකියාවක් පවති. තරමක් රස්තියාදු වීමේ ගති ලක්ෂණත් ඇති වන්නට පුළුවන්. නිසි සැලසුමකට අනුව කටයුතු කිරීම ද වැදගත්. අභිමතය අනුව කටයුතු කිරීමෙන් කටයුතු සාර්ථක කරගැනීමට හැකියි. ජය අංක :- 2, 4, ජය වර්ණ :- රතු, සුදු

කන්‍යා ලග්නය
ගේ දොර යානවාහන පිළිබඳව යම් යම් අර්බුධකාරි තත්වයන් ඇති වන්නට පුළුවන්. ඔබ සිතනවාට වඩා ඔබට බාධාකාරී තත්වයන් ඇති කිරීමට හැකියාව පවති. යුතුකම් වගකීම් ඉතාමත්ම ඉහල මට්ටමක පවති. ජය අංක :- 1, 6, 9 ජය වර්ණ :- කොළ, නිල්

තුලා ලග්නය
අද දිනය ඔබට උදා වන්නේ යෝගයක් ද උදා කරවමින්. ඉතාමත්ම ශුභ දිනයක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. අද දිනය තුල ඔබගේ ආකර්ෂණ ශක්තිය ඉතාමත්ම ඉහල තත්වයක පවති. ආ ගිය තැන අන් අයගේ පිළිගැනීම ඇති වේ. ජය අංක :- 4, 7, 8 ජය වර්ණ :- කහ, රතු

වෘශ්චික ලග්නය
ඔබට පසුගිය දින කිහිපය තුල යම් යම් බාධාකාරී තත්වයන් පැවතුනානම් එම තත්වයන් දුරු වී ය. බොහෝ බාධාකාරී තත්වයන් නිරාකරණය කරගැනීමට හැකියාව ඔබට උදා වේ. කෝටියක් දෝෂ භංග කරවන දිනයක්. කටයුතු සාර්ථක වේ. ජය අංක :-  4, 6, 7 ජය වර්ණ :- රතු, තැඹිලි

ධනු ලග්නය
ඉවසීම සහගත බව සහ කාරුණික බව ඉවත්ව යන අකාරයක් දක්නට ලැබෙ. ආවේගශීලි ගති ලක්ෂණ මතු කිරීමේ ඉඩකඩක් පවති. හිතවතුන් දුරස් වීම වැනි දේ සිදු වන්නට ඉඩකඩක් පවති. රැකි රක්ෂා වලට බාධාවන් ඇති වන්නට ඉඩකඩ පවති. ජය අංක :- 1, 5, 7 ජය වර්ණ :- කහ, රතු

මකර ලග්නය
තරමක් කලබලකාරී ගති ලක්ෂණ ඇති කරවන්නට හැකියාව. ලැබීම් සඳහා යහපත් වුවත් විඳීමට පිනක් නොමැත.උදෑසන සිටම ඔබට සැලකිලිමත්ව කටයුතු කල යුතු ආකාරයක් දක්නට ලැබෙ. දණහිස් ආශ්‍රිත ආබාධතා ඇති වීමට ඉඩකඩක් පවති. ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල්

කුම්භ ලග්නය
ප්‍රභල ධනයෝගයක් උදා වී පවති.ඉතාමත්ම යහපත් දිනයක්. පෙර පින් පල දෙන දවසක්. කරන්නට බලාපොරොත්තු වන කටයුතු වලත් අති සාර්ථක ප්‍රතිඵල උදා කරවන්නට හැකියාව පවති. නව ධනෝපායන මාර්ග උදාපත් වනවා. ජය අංක :- 3, 4, 5 ජය වර්ණ :- කොළ, නිල්

මීන ලග්නය
සතුට සැනසුමට යම් යම් පීඩාකාරී තත්වයන් උදා කරවනවා. අන් අය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේදී දුර සිතා බලා කටයුතු කිරීම වැදගත්. ඔබගේ කැපවීමට ලැබෙන්නාවූ ප්‍රතිචාර ඉතාමත් ම අවම තත්වයේ පවති. මානසික පීඩා වලට ද ලක් වීම ට හැක. ජය අංක :- 2, 3, 7 ජය වර්ණ :- තැඹිලි, කහ