2018 මෑයි මස 30 වන බදාදා අද දවස ඔබට කොහොමද? - Lagna Palapala

Wednesday, May 30, 2018

2018 මෑයි මස 30 වන බදාදා අද දවස ඔබට කොහොමද?

අද දවස ඔබට කොහොමද?
2018 මෑයි මස 30 වන බදාදා
ඉර උදාව - පෙරවරු 05.54 ට
ඉර බැසීම - පස්වරු 18.22 ට
රාහු කාලය
දිවා 11.53 සිට 13.22 දක්වා.
රාත්‍රී 23.53 සිට 01.22 දක්වා.
සුභදිශාව-නැගෙනහිර
මරු සිටින දිශාව – නිරිත
මේෂ - ගමන් බිමන් අධික දිනකි. වන්දනා ගමන් දුර ගමන් ඇතිවෙයි.ඇසුරු කරන්නන්  ඒකාරාශී කර පුද පූජා ක්‍රියාවන්හි නියැළෙයි.සමාජ සත්කාර සඳහා යොමු වෙයි. තරමක් වැයපස අධික දිනකි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය රන්වන් ජය අංකය 05

වෘෂභ - ආගමික උත්සව සඳහා සහභගී විමට අවස්ථා යෙදේ. දුර ගමන් සඳහා ශුභයි. තම නිවසේ තම ඥාතීන් හමුවීම්, ප්‍රීති උත්සව යෙදේ.ආගමික වතාවත්වල යෙදේ. පුද පූජා කටයුතුවලට සහභාගීවෙයි.අමතර ලාභ දිනකි. ශුභ වර්ණය සුදු ජය අංකය 07

මිථුන - වචනවලට ඇසුරු කරන්නෝ අවනත වෙයි.ගමන් බිමන්, වන්දනා යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් උදෙසා කටයුතු වල යෙදේ. ඇසුරු කරන්නන් සමඟ ක්‍රියාවන්හි යෙදේ. වැයපස තරමක් ඉහළ යයි. ශුභ වර්ණය කෙළ ජය අංකය 01

කටක - ඥාති මිත්‍රාදීන් ඒකාරාශිකර කටයුතුවල යෙදේ.උත්සව, සුහද සාකච්ඡා ආදියට ශුභයි. පොදු සේවා කටයුතුවල යෙදේ. ආගමික උත්සව වලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. ගමන් වඩා වැයපස අධික වෙයි. ශුභ වර්ණය රෝස ජය අංකය 06

සිංහ -ගමන් බිමන් අධික දිනකි. වන්දනා ගමන්, දුර ගමන් යෙදේ. තම ඥාති වර්ගයා දහමට ළැදි කටයුතු යොමු කරයි. පුද පූජා කර්මවල යෙදේ. සමාජ සත්කාර  සඳහා ධනය, ශ්‍රමය වැය කරයි. ශුභ වර්ණය රන්වන් ජය අංකය – 05

කන්‍යා - සැහැල්ලු මනසින් දවස ගෙවෙයි. සුපුරුදු ක්‍රියාවන්ගෙන් අත්මිදී සහමට ළැදි ආගමික උත්සවවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ.ඇසුරු කරන්නෝ දහමට යොමු කරවයි.ගමන් බිමන් බහුල වෙයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය රන්වන් ජය අංකය – 09

තුලා - නිර්මාණකරණයට හොඳයි. උගතුන්ගෙන් උපකාර,උපදෙස් ලැබේ.නිවස අලංකාර කිරිමට හේතුයි. තම ඥාති හිත මිත්‍රාදීන් ඒකරාශීව පුණ්‍ය කටයුවල, පුද පූජාවල යෙදේ.භූමි සම්පත් ලබා දෙන දිනකි.ශුභ වර්ණය රෝස ජය අංකය – 03

වෘශ්චික - දුර ගමන් බිමන් යෙදේ.සිත් කැළඹිලි සිදු වන ක්‍රියාවන් සිදුවෙයි. තම ඥාතීන් වෙනුවෙන් ධනය කැප කිරිමට සිදුවෙයි.උත්සව,ප්‍රිය සාද ඇතිවෙයි.දහමට හරිමඟට යොමු කිරීමේ වැඩකටයුතුවල යෙදේ. ශුභ වර්ණය ලා දුඹුරු ජය අංකය – 08

ධනු - සුපුරුදු රාජකාරීන් වලින් අත්මිදී නිදහස් මනසින් ආගමික වතාවත්, ක්‍රියාවන්වල යෙදේ. තම ඇසුරු කරන්නන් සුහද සාකච්ඡා හමුවීම් සිදුවන අතර ඔවුන් යහමගට යොමු කරවන කටයුතුවල යෙදේ.දේපළ මිලය ගැනීමට හොඳයි. ශුභ වර්ණය කහ ජය අංකය – 02

කුම්භ - මානසික සුවය පතා ආගමික වතාවත්වල යෙදේ.වන්දනා ගමන් යෙදේ.විශේෂ උථ්සව සඳහා සහභාගීවිමට ද අවස්ථා යෙදේ. පරෝපකාරීව කටයුතුවල යෙදේ.ඇසුරු කරන්නන් අතර ප්‍රසාදයට පත්වේ. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි.  ශුභ වර්ණය දම් ජය අංකය – 04

මීන - විනෝද ගමන් වන්දනා ගමන් යෙදේ.පරෝපකාරීව කටයුතුවල යෙදේ.තම වචන සභාවේ දිනයි. ප්‍රීති උත්සව ප්‍රීය සම්භාෂණවලට සහභාගී වීමට අවස්ථා යෙදේ.මිතුදම් මතු දියුණුවට යෙදේ. තරමක් වැයපස අධික වෙයි. ශුභ වර්ණය සුදු ජය අංකය – 08

No comments:

Post a Comment