2018 ජුලි මස 06 වන සිකුරාදා අද දවස ඔබට කොහොමද? daily horoscope - Lagna Palapala

Thursday, July 5, 2018

2018 ජුලි මස 06 වන සිකුරාදා අද දවස ඔබට කොහොමද? daily horoscope



මේෂ ලග්නය
ඔබගේ අධ්‍යාපනික කටයුතු තරමක් අඩාල වන ආකාරයක් දක්නට ලැබෙ. එනිසා ඔබ ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත්. කාර්යබහුල ස්වභාවය නිසා සකස් කරගත් සැලසුම් මදක් වෙනස් වන ආකාරයක් දක්නට ලැබෙ ජයඅංක :- 1' 2' ජය වර්ණ :- රතුනිල්

වෘෂභ ලග්නය
ඔබ ගෘහාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් ලබාදී කටයුතු කරන්නට උත්සාහ කරනවා ඇත. ඔබට ගෙදරදොර ආරවුල් පවා ඇති වන්නට හැකියාවක් පවති. අන් අය සමග නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වැදගත්. ජයඅංක :- 1' 2' ජය වර්ණ :- රතු' කහ

මිථුන ලග්නය
ඔබ වික්‍රමාන්විත ලීලාවෙන් කටයුතු කරයි. ඔබ ඔබගේ මතය තුලම රැඳී සිටින්නට උත්සාහ දරනවා ඇත. මේ නිසා ඔබට උදවු උපකාර කරන්නට පෙළඹෙන පිරිස් අවසානයේදී ඔබ පිළිබඳව කලකිරීම් ඇති කරගැනීමටද හැකියාවක් පවති. ජය අංක :- 1' 4' ජය වර්ණ :- කොළ' රතු

කටක ලග්නය
බොහෝ කටයුතු සාර්ථකව ඉටු කරගැනීමට හැකියාවක් පවති. ගෘහාශ්‍රිත කටයුතු සහ මවු පාර්ශවය ආශ්‍රිත කටයුතු මෙන්ම ප්‍රේමනීය කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. අනවශ්‍ය කටයුතු වලට අතපෙවීම එතරම් සුදුසු නැහැ. ජය අංක :- 2' 3' ජය වර්ණ :- සුදු' රතු

සිංහ ලග්නය
උදෑසනම කටයුතු සැලසුම් කරගැනීම ඉතාමත්ම වටි. උදෑසන කාලපරිච්චේදයේදී යහපත් ප්‍රතිඵල උදාපත් කරගැනීමට හැකියි. ඔබට අනවශ්‍ය ගමන් බිමන් බොහොමයක් ඇති වීමට ඉඩ ඇති බැවින් තරමක් සැලකිලිමත්ව කටයුතු සම්පාදනය කරගන්න. ජය අංක :- 2' 4' ජය වර්ණ :- රතු' සුදු

කන්‍යා ලග්නය
සියුම් ක්ෂේත්‍ර වල නිරත වන කන්‍යා ලග්න හිමියන්ගේ කටයුතු පහසුවෙන් සාර්ථක කරගැනීමට හැකියාවක් පවති. අලුත් ආකාරයේ අදහස් පහල වීමටද හැකියාවක් පවති. වෙනස් ආකාරයේ මත ඔබ ඉදිරිපත් කරනු ඇත. ජය අංක :- 6' 9 ජය වර්ණ :- කොළ' නිල්

තුලා ලග්නය
අතගහන බොහෝ කටයුතු පිළිබඳව යම් ආකාරයක සැකයක් ඇති වීමට ඉඩකඩක් පවති. මනසත් නිරන්තරයෙන්ම වෙනස් වන නිසා කෙලින් තීන්දු තීරණ ගන්නට නොහැකි පුද්ගලයෙක් බවට ඔබ පත් වනවා. සැලසුම්සහගත වීම වැදගත්. ජය අංක :-  4' 7' 8 ජය වර්ණ :- කහ' රතු

වෘශ්චික ලග්නය
ඔබ සිතින් මනසින් වෙහෙස වන දවසක්. ඔබගේ ආර්ථිකය පිළිබඳව අනියත බිය සංකා ඇති වී මනසට යම් පීඩාකාරී තත්වයක් ඇති වන්නට පුළුවන්.සවස් භාගය වන විට ඔබට සාර්ථක තත්වයක් උදා කරගැනීමට හැකියාවක් උදාපත් වේවි. ජය අංක :-  4' 6' 7 ජය වර්ණ :- රතු' තැඹිලි

ධනු ලග්නය
කෙතරම් කාර්යබහුල වුවත් ඔබ උත්සාහ කරනුයේ සිනාසී කටයුතු කරන්නටයි. එය ඔබගේ ජයග්‍රහණයේ සංකේතය වන්නේද එයමයි. ඔබට සෙම් රෝග ඇති වීමට හැකියාවක් පවති. සැලකිලිමත් වන්න. ජය අංක :- 1' 5' 7 ජය වර්ණ :- කහ' රතු

මකර ලග්නය
මවු පස කටයුතු සහ කාන්තා පාර්ශවය සමග අද දිනයේදී කරන කියන කටයුතු සාර්ථක වනු ඇත. ඔබ වටා ගුප්ත ශක්තියක් එකතු වෙනවා මෙන්ම ඔබ රහසිගත කටයුතු වෙත යොමු වනවා. ප්‍රේමය ට බාධා ඇත. ජය අංක :- 4' 5' 8 ජය වර්ණ :- කොළ' නිල්

කුම්භ ලග්නය
සතුරුකාරි පරිසරයක කටයුතු කරන්නට ඔබට සිදු වනු ඇත. නමුත් ඒ පරිසරය තුල ඔබට අවේනික වූ ආකාරයෙන් කටයුතු කරන්නට ඔබ උත්සාහ දරනු ඇත. දවස පුරාම ඉවසීම සහ උපේක්ෂා සහගත බව පවත්වාගැනීම වැදගත්. ජය අංක :- 3' 4' ජය වර්ණ :- කොළ' නිල්

මීන ලග්නය
ඔබ තරමක් සැනසිලිදායක ආකාරයකට කටයුතු කරනවා ඇත. ආගමික කටයුතු වෙනුවෙන් වැඩි ආකාරයෙන් ඔබ නැඹුරු වනවා ඇත. අන් අය සමග සහයෝගයෙන් කටයුතු කරන්නට ඔබ ඔබගේ උපරිම උත්සාහය යොදවනු ලබන දිනයකි. ජය අංක :- 2' 3' 7 ජය වර්ණ :- තැඹිලි' කහ

No comments:

Post a Comment