අද දවස ඔබට කොහොමද?
2019 පෙබරවාරි මස 06 වන බදාදා
දිවා 12.29 සිට 13.58 දක්වා
රාත්‍රී 00.29 සිට 01.58 දක්වා
මේෂ
ගිවිසුම් හා
කොන්ත්‍රාත් අත්සන් කිරීමට සුබ දවසකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වේ. උරුමය පිළිබඳ
ආරවුල් ඇති වන දිනයකි. ගෘහ ජිවිතයේ ගැටලු, ප්‍රශ්න ඇති වේ. කෙටි ගමන් බිමන් ඇති වේ. ආධ්‍යාත්මික කටයුතුවලට සහභාගි
වන දවසකි. ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයට උසස්වීම් ලැබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක
වේ. නිර්මාණකරණයේ දී යහපත් සිතුවිලි ඇති කරයි. ආදර සබඳතා සාර්ථක වේ. හිසේ ආබාධ
ඇතිවිය හැකිය.ජය වර්ණය - රතු, ජය අංකය - 09,
නෙළුම් මලක් පූජා කරන්න.
වෘෂභ
වෘත්තීමය වශයෙන්
සාර්ථකවන දවසකි. ධනය රැස් කිරීමට ශක්තිය ඇති වේ. කෙටි ගමන් ඇති වේ. සියලුම කටයුතු
සාර්ථක වේ. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ඉදිරිපත්වීමේ හැකියාව වැඩිය. ගොවිතැන්
කටයුතුවලින් වාසි අත්වේ. පරම්පරාවේ අයගෙන් උරුමයන් ලැබීමට හැකිය. නීතිමය
කටයුතුවලින් ජය අත් වේ. ලැබීමට ඇති ණය මුදල් ලැබේ. බඩවැල්වල ආබාධ, මුත්‍රාශයේ ආබාධ ඇතිවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන
ක්‍රියාශීලී මනා
පෞරුෂයකින් යුතුව ජීවිතය ජය ගන්නා දිනයකි. රැකියා කටයුතු සාර්ථක වේ. කෙටි ගමන්
බිමන් යෙදෙයි. සහෝදරයන්ගෙන් උදව් උපකාර ලැබේ. ගෘහ ජීවිතයේ කටයුතුවලට කරදර, බාධක ඇති වේ. දරුවන්ට අපල ගෙන දේ. ආදර සබඳතා අසාර්ථක වේ. අධ්‍යාපන
කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. විදෙස් සබඳතාවලට යහපත් නොවේ. නඩු හබවලට පැටලීමට ඉඩ
ඇත. හදිසි අනතුරු හා ඌෂ්ණාධික රෝග ඇතිවිය හැකිය.ජය වර්ණය - කොළ, ජය අංකය - 05, ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න.
කටක
කරන කියන වැඩ
කටයුතුවලට සහයෝගය ලැබෙන දවසකි. මවගේ උරුමයන්වලට හිමිකම් කීමට ලැබේ. බැංකු
තැන්පතුවල වැඩිවීමක් දක්නට ඇත. ඔබේ කීර්තියට හානි සිදුවිය හැකිය. නිවාස, ඉඩකඩම්, යාන වාහන සම්බන්ධයෙන් ගැටලු, ප්‍රශ්න නිම වේ. රැකියා කටයුතු සාර්ථකය. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ.
සතුරන්ගේ බලය අඩු වේ. කාන්තාවන්ට ගර්භාෂ ආශ්‍රිත රෝගවලින් පීඩා විඳීමට සිදු වේ.ජය
වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ
සතුටින් තම
කාර්යයන් කරගෙන යන දවසකි. ආදායම් තත්ත්වය යහපත් වේ. නින්දට බාධා ඇති වේ. මිත්‍රයන්ගෙන්
උදව් උපකාර ලැබේ. ව්‍යාපාර කොටස් සම්බන්ධයෙන් සැලකිලිමත්වන්න. සහෝදරයකුගෙන්
සතුටුදායක ආරංචි ලැබෙයි. කලා කටයුතුවලට අයහපත්ය. දීර්ඝ ගමන් බිමන් යෙදේ. රෝහල්
ආදියට යෑමට සිදුවිය හැකිය. ඌෂ්ණාධික රෝග ඇතිවිය හැකිය.ජය වර්ණය - රතු, ජය අංක - 01, නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා
රැකියා කටයුතු
සාර්ථකයි. උසස්වීම් නව පත්වීම්වලට සුබයි.
යන එන හැම තැනකදීම ප්‍රධානත්වය හිමි වේ. රාජ්‍ය අනුග්‍රහය ලැබේ. බැංකුවල මුදල්
සම්බන්ධයෙන් ගැටලු ඇති වේ. භාරගත් වැඩ කටයුතු සාර්ථක වන දිනයකි. සහෝදරයකුගෙන්
විරෝධතා මතු වේ. ඉඩකඩම් සම්බන්ධයෙන් කරදර ඉවත් වේ. ක්‍රීඩා කටයුතුවලට සුබයි. අධ්‍යාපන
කටයුතු සාර්ථක වේ. මවට යහපත් කාලයකි. කෙණ්ඩා, නහර ආදියේ රෝගාබාධ ඇති වේ.ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා
නිවාස, ඉඩකඩම්, යාන වාහන මිල දී ගන්නා අයට සුබ දවසකි.
රැකියා කටයුතුවලට බාධා ඇතිවිය හැකිය. පාලන පක්ෂයට සේවකයන්ගෙන් විරෝධතා එල්ල වේ.
සහෝදරයන්ට අපල ඇති කරයි. විදෙස් ගමන්වලට සුභයි. ගෘහ ජීවිතයේ කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන
කටයුතු යහපත් වේ. නීතිමය සම්බන්ධ ප්‍රශ්නවලින් ජය හිමි වේ. ගිවිසුම් කොන්ත්‍රාත්
ආදිය අත්සන් කිරීමට යහපත්ය. හිස ආශ්‍රිත රෝග, දණහිස් රෝග
ඇතිවිය හැකිය.ජය වර්ණය - නිල්, ජය අංකය - 06, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික
ඔබේ කතාවට අමුතු
බලයක්, ශක්තියක් ලැබෙන දවසකි. ඔබේ පෞරුෂත්වයට කැපී පෙනෙන
දවසකි. වාහන මිල දී ගන්නා අයට යහපත් වේ. ගොවිතැන්වලින් වැඩි වාසි අත් වේ. දීර්ඝ
නිෂ්ඵල ගමන් ඇති වේ. අධ්‍යාපන කටයුතුවලට කරදර, බාධක එල්ල
විය හැකිය. මව්පස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. නීතිමය ගැටලු, හදිසි අනතුරු සිදුවිය හැකිය. මුත්‍රාශය, මළ මාර්ගය
ආශ්‍රිත බාධා ඇති විය හැකිය.ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු
කතාවේ දැඩි බවක්
ඇතිවන දිනයකි. සිත් තැවුල් ඇති වේ. නීති විරෝධී මාර්ගවලින් ආදායම් ලැබීමට උත්සාහ
කරයි. රැකියා ස්ථානයේ කරදර, බාධක ඇති වේ. පාලක පක්ෂයට සේවකයන්ගේ අප්‍රසාදය ඇති
වේ. කෙටි ගමන් බිමන් ඇති වේ. මානසික වශයෙන් ආතතිය ආදී රෝගබාධ, හදිසි අනතුරු ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම්වන්න.ජය වර්ණය - රන්වන්, ජය අංකය -03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
මකර
පෞරුෂත්වයට හානි
වන දවසකි. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබේ. ව්‍යාපාරික කොටස්කරුවන්ට යහපත් වේ.
ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති වේ. ආදර
සබඳතාවලට අයහපත් දවසකි. ඔබේ ජනප්‍රියත්වයට හානි සිදුවිය හැකිය. රැකියා කරන ස්ථානයේ
ගැටළු, ප්‍රශ්න ඇති වේ. උසස්වීම්වලට, නව පත්වීම්වලට බාධා ඇති වේ. පදිංචි ස්ථානයේ වෙනසක් ඇතිවිය හැකිය. ජලයේ
අනතුරු සිදුවිය හැකි දිනයක් බැවින් ප්‍රවේශම්වන්න.ජය වර්ණය - නිල්, ජය අංකය -08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ
අධ්‍යාපන
කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහයය ලැබේ. දරුවන්ට යහපත් දවසකි. මුදල් උපයන මාර්ගවල
දියුණුව ඇති වේ. පැරණි මිතුරකු හමු වන දිනයකි. නිෂ්ඵල ගමන් ඇති වේ. රැකියා
කටයුතුවලට බාධා, ගැටලු ඇතිවිය හැකිය. ගෘහ ජීවිතය යහපත්ව ගලාගෙන
යයි. විදෙස්ගත මිතුරන් සමඟ සබඳතා වැඩිදියුණු වේ. සර්පයන්ගෙන් අනතුරු විය හැකිය. ප්‍රවේසම්වන්න.
ගමන් බිමන් ආදියේ දී කල්පනාකාරී වීම සුබයි.
ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන
කිරීමට භාරගත්
දේ සාර්ථකව නිම කරන දවසකි. ඉඩකඩම්, යාන වාහන ප්‍රශ්න විසඳේ. පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයකි.
පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දිනයකි. අධ්‍යාපන කටයුතුවලට බාධා ඇති වේ. ආදර සබඳතාවලට අයහපත් වන දවසකි.
වෘත්තිමය වශයෙන් සාර්ථක වේ. රැකියා ස්ථානයේ ප්‍රසිද්ධිය, ගෞරවය
හිමි වේ. ආදායම් මාර්ගවලින් ලාභ ලැබේ. පාද ආශ්‍රිත රෝගාබාධ ඇති වන දවසකි. ජය වර්ණය
- රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
No comments:
Post a Comment