lagna palapala 2018.04.01 - 2018 අප්‍රේල් මස 01 වන ඉරිදා කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.01 - 2018 අප්‍රේල් මස 01 වන ඉරිදා කොහොමද daily astrology forecast

මේෂ ලග්නය 

ප්‍රීති උත්සවලට සහභාගී වීමී අවස්ථා යෙදේ. රාජකාරි ස්ථානවල අඩුපාඩු සමනය කරයි. ඇසුරු කරන්නන්ගේ අවශ්‍යතා ඉටු කිරීමේ ක්‍රියාවන්හි යෙදේ.අවිවේකී දිනකි. විය පැහැදම් තත්වයද වැඩිවෙයි. හදිසි ලාබ ලැබීම් ලබන දිනකි. ශුභ වර්ණය - තද රෝස - ජය අංකය – 05

වෘෂභ ලග්නය :-

දුර විනෝද ගමන් යෙදේ.නිවසේ ප්‍රීති උත්සවයක ස්වභාවය ඇතිවෙයි. තම ඥාතීන් හිත මිතුරන් ඒකරාශ්‍රී වෙයි. අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. සුහද හමුවීම්, සුහද සාකච්ඡා වැනිදේට හේතු සාදයි.භූමි සම්පත් ළගා කරන දිනකි.ශුභ වර්ණය - සුදු - ජය අංකය – 01

මිථුන ලග්නය :-

තම අභිමත කරුණු ජයගනී.සුහද ගමන් විනෝද ගමන් යෙදේ.දුරස්ථ වු ඥාති සබඳතා සමීප වෙයි.ලිපිලේඛන ශාස්ත්‍රීය කටයුතු ආදියෙන් ජය ගෙනේ.නිපැයුම් ඇරඹීමට ප්‍රදර්ශනයට ශුභයි. ආර්ථිකයේ වර්ධනයට හේතු කරුණු යෙදේ.ශුභ වර්ණය- තැඹිලි - ජය අංකය - 02 

කටක ලග්නය :- 

තරමක් ශුභ දිනකි.කලබලකාරී වාතාවරණයක් ඇතිවෙයි.ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටුකරයි. තරමක් වැයපස අධිකවෙයි. ගමන් බිමන් අධික වෙයි. ඇසුරු කරන්නන් අතර හොඳ හිත පැතිරෙයි. විනෝද උත්සව චාරිකාවලට හේතුයි.ශුභ වර්ණය- ක්‍රීම් පැහැය - ජය අංකය - 04 

සිංහ ලග්නය :-

තම ආදායම් මාර්ග ඉහල මට්ටමක පවතියි. ක්‍රියාශීලියි.විනෝද උත්සවවලට සහභාගීමේ අවස්ථා යෙදේ. ව්‍යාපාර උසස් මට්ටමක පවතී. විනෝද කටයුතු අලංකාරය සඳහා වැයපය අධික කරයි. හදිසි ලාභ ලැබීම් ලබන දිනකි. ශුභ වර්ණය - ලා දම් - ජය අංකය – 01

කන්‍යා ලග්නය :-

අරමුණු ජයගනී.ඥාති මිත්‍රාදීන් සමඟ සුහදතාව මතු කරයි. සුහද ගමන් බිමන්වල යෙදේ. සම්මුඛ ඵබ්ජසන ආදියට ශූභයි. උගතුන් වියතුන් ඇසුරට පත්වෙයි. ඥාතීන් වෙනුවෙන් මිල මුදල් වැයකෙරේ.භුමි සම්පත් උදාකරන දිනකි. ශුභ වර්ණය - කොළ - ජය අංකය - 06 

තුලා ලග්නය :- 

තරමක් ශුභ දිනකි. රාජකාරි ස්ථානවල තරමක් අවුල් සහගත තත්ත්ව ඇතිවෙතත් බුද්ධියෙන් බාදා ජයගත හැක. ප්‍රීති උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ.දේපල මිලට ගැනීමට විකිණීමට ශුභයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - ක්‍රීම් - ජය අංකය – 02

වෘශ්චික ලග්නය :-

බලාපොරොත්තු ජයවෙයි. දුරගමන් විදේශ ගමන් වලට හේතුයි.රැකියා ස්ථාන වල කැපී පෙනෙන චරිතයකි. අන් අයගේ අවශ්‍යතාමත දවසේ කටයුතු සිදුකෙරෙයි. තරග තුරග වලට හොඳයි. හදිසි ලාභ, ලැබීම් වලට හේතුයි. ශුභ වර්ණය - ලාදුඹුරු - ජය අංකය – 07

ධනු ලග්නය :-

ශුභ ගමන් විනෝද ගමන් යෙදේ. තම අරමුණු ජයගනී. ප්‍රීති උත්සව වලට සහභාගීවීමේ  අවස්ථා යෙදේ.නිර්මාණ ඇරඹීමට අත්හදා බැලීම්වලට හොඳයි. උගතුන්ගෙන් උපදසේ උපකාර ලබයි. ආගමික පුද පූජා ක්‍රියාවලට යොමුවන දිනකි.ශුභ වර්ණය - රන්වන් - ජය අංකය – 03

මකර ලග්නය :-

තරමක් කලබලකාරී ගති ඇතිවෙයි.රැකියා ස්ථානවල මතභේද ගැටුම්වලට හේතු ඇතිවෙයි. ඉවසීමෙන් කටයවුතුවල යෙදිය යුතුයි. ව්‍යාපාරවල තරමක් පහත බැසීමක ලකුණු පහල වෙයි. එතෙර ගමන් වලට හේතුයි. භූමි ලාභ,් ළගා කරයි.ශුභ වර්ණය - දම් - ජය අංකය – 08

කුම්භ ලග්නය :-

අරමුණු ජයගනී. නිවසේ උත්සව ශ්‍රියාවක් ඇති කරයි. ඥාති මිත්‍රතා අන්‍යොන්‍ය සබඳතා වර්ධනය වෙයි. එල්ලවන අභියෝග ජයගනී. සම්මුඛ පරීක්‍ෂණ,ආදියට ශුභයි. නව නිපැයුම් ඇරඹීමට හොඳයි. භූමිලාභ, භූමි සම්පත් ළගා කරන දිනකි. ශුභ වර්ණය - නිල් - ජය අංකය – 05

මීන ලග්නය :-

දුර ගමන් එතෙර ගමන්වලට හොඳයි.දේපළ මිලට ගැනීමට විකිණීමට හොඳයි.සම්මුඛ සාකච්ඡා ආදියට ශූභයි.ලිපි ලේඛනවලන් ශූභ ඵල .ව්‍යාපාරවල වර්ධනයක් පෙනේ. එතෙර ගමන් සඳහා ශූභයි.හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි.ශුභ වර්ණය- තදකහ - ජය අංකය – 09

No comments:

Post a Comment