අද දවස ඔබට කොහොමද?
2018 නොවැම්බර් මස 07 වන බදාදා
දිවා 11.59 සිට 13.28 දක්වා
රාත්‍රී 23.59 සිට 01.28 දක්වා
මේෂ ලග්නය
මවු පාර්ශවයේ ලාභ හෝ වෙනත් ලබා ගැනීම් පිණිස අද දිනය සුබදායකය. රෝහල්
ගත වීමක් හෝ වෙනත් නීතිමය ගැටලු ආදිය පෙන්නුම් කරන නිසා දවසේ කටයුතුවල දී
කල්පනාකාරී වන්න. කාලත්‍ර පාර්ශ්වයේ අනුදැනුමකින් තොරව යම් කාර්යයක් ඔබ අතින් වේ.
කියවීමේ රුචිකත්වය වර්ධනය කරවන දිනයකි. ඒ පිළිබඳ වැඩි කාලයක් හා මුදලක් වැය
කිරීමක් කරයි. ගමෙන් පිට සිටින හිතවතකුගෙන් අසුබ ආරංචියක් ලැබෙන දිනයකි. ජය වර්ණය
- රතු, ජය
අංකය -
09, නෙළුම්
මලක් පූජා කරන්න.
වෘෂභ ලග්නය
කල්ගතව තිබූ කාර්යයක් අද දිනය තුළ නිම කිරීමට ඉඩකඩ සැලසේ. තම සේවක
කාරක ආදීන්ගේ සුබසාධනය පිළිබඳව හොඳින් කල්පනා කරන්න. රහස් පරීක්ෂණ කටයුතුවල
නියැළෙන අයගේ කාර්යයන් අද දිනය තුළ සාර්ථක කරගත හැකිය. මවුපස මාමාවරුන්ගේ උදවු
උපකාර සහ ලාභ ලැබෙන කටයුතු සඳහා සුබ දායක වනු ඇත. සතුරු කරදර මර්දනය කර තම ඉලක්ක
කරා පහසුවෙන් ළඟාවිය හැකිය. ජය වර්ණය - නිල්, ජය අංකය - 05, ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න.
මිථුන ලග්නය
රැකියා කරන ස්ථානවල දී ඊර්ෂ්‍යාකරුවන් ඔබගේ ඉදිරි ගමන වළකයි. මවගේ
අසනීප තත්ත්වයක් අද දිනයේ පෙන්නුම් කරනු ඇත. අවිවාහක අයට යහපත් මංගල යෝජනා
ඉදිරිපත් වෙයි. උදරයේ පහළ අසනීප ගති මතු කරවිය හැකිය. ගිවිසුම් ආදිය අත්සන් කිරීමට
හා හවුල් ව්‍යාපාර කටයුතු වැඩි දියුණු කර ගැනීමට අද දිනය ඉතා සුබදායකය. මවු
පාර්ශවයේ මාමාවරුන්ගෙන් උදවු ලබා ගැනීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - කොළ, ජය අංකය -
05, ගිතෙල් මිශ්‍ර
පහනක් දල්වන්න.
කටක ලග්නය
ආගමානුකූල සිතිවිලි හා එවැනි ගමන් බිමන් යෙදෙන දිනයකි. විදේශ ගමන්
බලාපොරොත්තු වන අයගේ බලාපොරොත්තු සඵල කරවනු ඇත. සබඳතා ගොඩනැගීමේ දී රැවටිලිකරුවන්ට
හසුවිය හැකි නිසා කල්පනාකාරීව කටයුතු කළ යුතුය. මානසික සුවය උපරිමයෙන් ඇති දිනයකි.
යහපත් සිතිවිලි අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් කරනු ඇත. රැකියා කටයුතුවල දී වඩා උද්යෝගිමත්ව
වැඩි පිරිසක් වෙනුවෙන් සේවය සලසයි. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02, විළඳ පූජා කරන්න.
සිංහ ලග්නය
සතුරු කරදර මර්දනය කොට තම ඉලක්ක කරා පහසුවෙන් ළඟා කරවයි. අස්ථානගතව
තිබූ දෙයක් පිළිබඳ ආරංචියක් ද අද දිනයේ ලැබෙනු ඇත. නිවසේ කටයුතුවලට වෙනදාට වඩා තම
ශ්‍රමය වැය කිරීමට වන දිනයකි. වැඩිහිටි අයගේ උදවු උපකාර ද ඒ සඳහා ලැබෙනු ඇත. අධ්‍යාපන
කටයුතුවල නිරත දූ දරුවන්ට තම මතක ශක්තිය වර්ධනය කරවා ජයග්‍රහණ ළඟා කරගත හැකිය. ජය
වර්ණය - රතු,
ජය අංක - 01,
නෙළුම් මලක් පූජා කරන්න.
කන්‍යා ලග්නය
නිර්මාණකරණයේ යෙදෙන අයට අද දිනයේ උසස් නිර්මාණ බිහි කළ හැකිය. ආරක්ෂක
අංශවල රහස් පරීක්ෂණ කටයුතු කරන අයට තම කාර්යයන් වඩා කාර්යක්ෂම ලෙස ඉටු කළ හැකිය
දිනයකි. යහපත් සිතිවිලිවලින් අද දිනයේ ඔබගේ මනස ප්‍රබෝධවත් වනු ඇත. ආගමානුකූල
කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවනු ඇත. ඉඩකඩම් හා බෝග වගා කටයුතුවලින් වැඩි
ලාභ අපේක්ෂා කළ හැකිය. ජය වර්ණය - කොළ, ජය අංකය -05, ගිතෙල් මිශ්‍ර පහනක්
දල්වන්න.
තුලා ලග්නය
විදේශ රැකියා බලාපොරොත්තු වූ අයගේ අදහස් සඵල කරවයි. ඔබගේ උපදෙස්
බලාපොරොත්තුවෙන් තම බාල සහෝදරයකු පැමිණෙන දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක දිනයක්
නොවේ. අධ්‍යාපන කටයුතුවල දී යම් අලස බවක් මතු කරවිය හැකිය. පොත්පත් ලිපි ද්‍රව්‍ය
හා පුස්තකාල සම්බන්ධ ඇල්ම වැඩි කරවන දිනයකි. ඒ සඳහා යම් මුදල් වැය කිරීමක් විය
හැකිය. දුර ගමන් කිහිපයක් යෙදිය හැකි දිනයකි. ජය වර්ණය - නිල්, ජය අංකය
- 06, ඊශ්වර
දෙවිඳුට සෙත් පතන්න.
වෘශ්චික ලග්නය
යහපත් සහෝදර සබඳතා වර්ධනය කරනු ඇත. පිය පාර්ශ්වයේ අසනීපගති ආදිය මතු
කරවිය හැකි නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. හදිසි අනතුරු, වැටීම්, තැළීම් ආදියට
හේතු විය හැකිය. කල්පනාකාරීවන්න. දිනයේ සවස් කාලය අලසගති මතු කරවා ඔබගේ දෛනික
කටයුතු අඩාල කරවයි. පොත්පත් ලිපි ද්‍රව්‍ය ඇසුරේ වැඩි කලක් ගත කිරීමට සිදුවන
දිනයකි. යහපත් ගිවිසුම්වලට එළඹීමට අද දිනය සුබදායකය. ජය වර්ණය - රතු, ජය අංකය -09, නෙළුම් මලක් පූජා කරන්න.
ධනු ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටින අයට
ජයග්‍රහණ අත්කරවනු ඇත. වටිනා බඩු බාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු දිනයකි. මුත්‍රා
ආබාධ ආදියෙන් පීඩාකාරී දේ විය හැකිය. තැන්පත් ධනය වැය කරවා ඔබ ආර්ථික අපහසුතාවලට
පත් කරවන දිනයකි. ණය මුදල් පවා ඉල්ලා ගැනීමට වනු ඇත. කාලත්‍ර පාර්ශවයේ අනතුරු
තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන්න. ජය වර්ණය - රන්වන්, ජය අංකය
- 03, ගුරු
දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.
මකර ලග්නය
ආරක්ෂක අංශවල කටයුතු කරන අයට කාර්යබහුල දිනයකි. නිවසේ ඇති කරන සුරතල්
සතුන් ආදීන්ගෙන් ඔබට යම් පීඩාකාරී දේ විය හැකිය. කල්පනාකාරී වන්න. නිවසේ අලංකරණ
කටයුතු වෙනුවෙන් වැඩි වෙහෙසක් දරනු ඇත. බාල සහෝදරයකුගේ කාර්යයක් වෙනුවෙන් යම්
වෙහෙසක් දැරීමට සිදුවිය හැකිය. ඔබගේ වටිනා ලිපි ලේඛන ආදිය අද දිනයේ
අස්ථානගතවීම්වලට ලක් වීමට ඉඩ ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 08, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
කුම්භ ලග්නය
යහපත් ලෙස ඔබ සකසා ගන්නා ආදායම් මාර්ග අද දිනයේ ඔබට වැඩි ලාභ අත්
කරවයි. ප්‍රතිඵලදායක මිතුරු සබඳතා ගොඩ නැඟෙනු ඇත. වන්දනා ගමන් හෝ ආගමානුකූල
කටයුත්තක් වෙනුවෙන් නිවසින් බැහැරට යන දිනයකි. තෙල් සහිත ආහාර අසුභයි. කය වෙහෙසා
වැඩ කරන අයට අද දිනයේ තම ලාභ උපරිම කරගත හැකිය. මලල ක්‍රීඩා හා වෙනත් පිටියේ ක්‍රීඩාවන්හි
නියැළි අයට ජයග්‍රහණ ළඟා කරවනු ඇත. ජය වර්ණය - නිල්, ජය අංකය - 06, විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න.
මීන ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට අද දිනය සුබදායකය. ප්‍රේම සබඳතාවල
දී තම මතය ජයග්‍රහණය කරවීමට යෑම සුබදායක නොවේ. සෙම් රෝග මතු කරවිය හැකි දිනයකි.
වටිනා බඩු බාහිරාදිය අස්ථානගත වීමේ අවදානමක් ඇති නිසා ඒ පිළිබඳ දෙවරක් කල්පනා
කරන්න. වගා කටයුතුවල නිරතව සිටින අයගේ බලාපොරොත්තු සුන් කරවන දිනයක් විය හැකිය.
අස්වැන්න නෙළීම ආදියට සුබදායක නොවේ. ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03, ගුරු දෙගුරුන්ට වැඳ දවස
අරඹන්න.
No comments:
Post a Comment