අද දවස ඔබට කොහොමද?
2018 නොවැම්බර් මස 08 වන බ්‍රහස්පතින්දා
ඉර බැසීම - පස්වරු 17.49 ට
දිවා 13.29 සිට 14.58 දක්වා
රාත්‍රී 01.29 සිට 02.58 දක්වා
මේෂ ලග්නය
අනතුරු ආදියේ අවදානමක් ඇති නිසා ගමන් බිමන් ආදියේ දී ප්‍රවේශම් වීම
සුබදායකය. පවුල් සබඳතාවලට අද දිනය සුබදායක දිනයක් නොවේ. වැඩිමහල් සහෝදරයකුගේ
දරුවකු සම්බන්ධ සුභ ආරංචියක් අද දිනයේ ඔබට අසන්නට ලැබෙනු ඇත. මවු පාර්ශවය සමඟ ඉතා
සමීපයෙන් කටයුතු කළ හැකි දිනයකි. ආවේගකාරී සිතිවිලි පාලනය කරගත යුතු දිනයකි.
ආවේගකාරී සිතුවිලි පාලනය කරගත යුතු දිනයකි. දවසේ වැඩ කටයුතුවලට දැඩි මානසික
සංවරයක් තිබිය යුතුය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණවලින් සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය
අංකය -
09
වෘෂභ ලග්නය
අධ්‍යාපන කටයුතුවල විශේෂ ජයග්‍රහණ හිමි කරවන දිනයකි. යහපත් සබඳතා
ගොඩනැඟී දිනය අර්ථවත් කරනු ඇත. දූ දරු සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම් අවධානයක් යොමු
කිරීම යහපත්ය. වටිනා බඩුබාහිර ආදිය ප්‍රවේශම් කරගත යුතු දිනයකි. මුදල් හදල් ආදිය
ඉතා කල්පනාවෙන් පරිහරණය කරන්න. රැකියා ස්ථානවල දී ඔබ ඉතා ප්‍රබෝධයෙන් සිටිනු ඇත.
පිය පාර්ශ්වයේ ලැබීම් සඳහා ඉල්ලීම් කිරීමට අද දිනය සුබදායකය. සුදු පැහැයට හුරු
වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 05
මිථුන ලග්නය
මවුපස ඥාතීන්ගෙන් උදවු උපකාර ඉල්ලීම සඳහා අද දිනය සුබදායකය. පපුවේ
සෙම් රෝග ආදිය මතුකර විය හැකිය. අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක් අද දිනයේ
අත්කර ගත හැකිය. වෙහෙසකර ගමන් කිහිපයක් නිසා අද දිනයේ ඔබ පීඩාවට පත්වනු ඇත. පිය
පාර්ශවයේ අසනීප ගති මතු කරවිය හැකිය. සහෝදරයකුගේ කාර්යයක් සඳහා යම් ගුප්තමය හෝ
රහස් කටයුත්තකට ඔබට සහභාගි වීමට ආරාධනා ලැබෙනු ඇත. අද දින රස කැවිලි දන් දෙන්න. ජය
වර්ණය - කොළ,
ජය අංකය - 05
කටක ලග්නය
උදරයේ තෙල් ගතිය නිසා යම් අපහසුතා මතු කරවිය හැකිය. මිතුරු සබඳතාවල දී
කල්පනාකාරී විය යුතුය. රූපලාවණ්‍ය කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරනු ඇත. විදේශ
ගමන් බලාපොරොත්තු වන අයගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරයි. මළබද්ධය වැනි රෝගාබාධ මතු කරවිය
හැකිය. දූ දරුවන්ගේ අසනීප ගති පිළිබඳව කල්පනාකාරී වන්න. මවට හෝ මවු පාර්ශවයේ
ඥාතියකුට අසුබ ගෙන දිය හැකි දිනයකි. ප්‍රේම සබඳතාවලට සුබදායක නැත. කහ සුදු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - ක්‍රීම් පාට, ජය අංකය - 02
සිංහ ලග්නය
කලක් නතර කර තිබූ කාර්යයක් නිම කිරීම සඳහා අද දිනයේ ඔබ ක්‍රියා කරනු
ඇත. සතුන්ගෙන් හානි විය හැකි නිසා කල්පනාකාරී වන්න. සතුරු කරදර ආදිය ද අද දිනයේ ඔබ
පීඩාවට පත් කළ හැකිය. උසස් අධ්‍යාපන කටයුතුවලින් විශේෂ ජයග්‍රහණ අපේක්ෂා කළ හැකිය.
ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වලින් වළකින්න. මානසික සංවරතාව උපරිමයෙන් රැකගත යුතුය.
පවුල් සබඳතා සඳහා අද දිනයේ යම් බාධා කිරීම් විය හැකිය. රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන්
සැරසෙන්න. ජය වර්ණය - රතු, ජය අංක - 01
කන්‍යා ලග්නය
බාල සහෝදරයකු පිළිබඳව නරක ආරංචියක් අද දිනයේ ඔබට අසන්නට ලැබෙනු ඇත.
යහපත් මිතුරු සබඳතා සඳහා අද දිනය සුබදායක නැත. උසස් අධ්‍යාපන කටයුතුවල විශේෂ ප්‍රගතියක්
ඇති කරවන දිනයකි. සෙම් රෝග ආදිය ඇති කරවිය හැකිය. ආගමානුකූල සිතුවිලි වර්ධනය වන
දිනයකි. පවුල් සබඳතා වර්ධනය කර ගැනීමට අද දිනය සුබදායකය. මවු පාර්ශ්වයෙන් ලාභ
අපේක්ෂා කළ හැකි දිනයකි. නිල් පාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය වර්ණය - කොළ, ජය අංකය
- 05
තුලා ලග්නය
ගිවිසුම් හෝ හවුල් ව්‍යාපාර ආදිය වර්ධනය වී ඒවායින් ලාභ ද අත් වේ.
රජයේ දඬුවම් ආදියට ලක්විය හැකි නිසා රථ වාහන ධාවනය වැනි කරුණුවල දී වැඩි
අවධානයකින් කටයුතු කරන්න. දණහිස් ආබාධ මතු කරවයි. යහපත් මිතුරු සබඳතා සඳහා අද
දිනයේ සුබදායකය. ලොතරැයි වාසනාව ආදිය උරුම විය හැකි දිනයක් නිසා ඒ පිළිබඳ අවධානය
යොමු කරන්න. පිය පාර්ශ්වයේ අසනීප ගති මතු කරවයි. කොළ කහ වර්ණ ඇඳුම් අඳින්න. ජය
වර්ණය - නිල්,
ජය අංකය - 06
වෘශ්චික ලග්නය
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියාවල නියුතු අය තම වගකීම පිළිබඳ දෙවරක්
කල්පනා කළ යුතුය. ලාභ අපේක්ෂාවෙන් කරන කටයුතුවලින් වැඩි ප්‍රතිඵල ළඟා කරවයි. කුඩා
බඩවැල් ආශ්‍රිත රෝග ඇති කරවයි. නිවසේ වැඩ කටයුතුවලට වෙනදාට වඩා වැඩි කාලයක් කැප
කරනු ඇත. ඒ සඳහා මිල දී ගැනීම් කිහිපයක් ද කරනු ඇත. සහෝදර සබඳතාවලට අද දිනය
සුබදායක නැත. කලහකාරී ගති පෙන්වා අමනාපකම් සිදුවිය හැකිය. පංච වර්ණ මල් පූජා
කරන්න. ජය වර්ණය - රතු, ජය අංකය - 09
ධනු ලග්නය
සතුරු කරදර, ගුප්ත බලපෑම් ආදියෙන් අද දිනයේ ඔබ පීඩාවට පත්විය හැකිය. සහෝදරයකුගේ
කටයුත්තක් වෙනුවෙන් ලිපි කටයුතු කිහිපයක් සිදුවනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත
දරුවන්ට අද දිනය සුබදායක නැත. උදරයේ පහළ අසනීප ගති මතු කරවයි. වෙහෙසකර වූ ගමන්
බිමන් කිහිපයක් නිසා අද දිනයේ ඔබගේ දෛනික කටයුතුවල කාලය විනාශ වනු ඇත. සහකාර
සබඳතාවල දී වඩාත් ප්‍රේමාන්විත වීම අපේක්ෂා කළ හැකිය. අද දින නිර්මාංශව සිටින්න.
ජය වර්ණය - රන්වන්, ජය අංකය - 03
මකර ලග්නය
අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට තම හැකියාවන් වර්ධනය කර ගත හැකිය.
ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදියෙන් ප්‍රවේශම් වන්න. හෘද රෝග
අවදානමක් ඇති දිනයක් බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. ආර්ථික තත්ත්වය සුබදායක වන
දිනයකි. බැංකු කටයුතු ආදියෙන් අද දිනයේ ඔබට යහපත් ප්‍රතිඵල ළඟා කරගත හැකි වනු ඇත.
බලාපොරොත්තු වූ ණය මුදල් ආදිය ද ලබාගත හැකිය. කහපාට වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න. ජය
වර්ණය - නිල්, ජය අංකය -
08
කුම්භ ලග්නය
අධ්‍යාපන කටයුතුවලින් වැඩි ප්‍රගතියක් අද දිනයේ ළඟාකර ගත හැකිය. නිවසේ
කටයුතුවල දී කාලත්‍ර පාර්ශ්වයෙන් ඔබ බලාපොරොත්තු වූ සහය අපේක්ෂා කළ නොහැකිය.
ශරීරයේ උරහිස් වේදනා ඇති කරයි. ඔබ බොහෝ පිරිසකගේ උපදේශකයකු වන දිනයකි. වැඩි
පිරිසක් අතර ඔබ ගෞරවාදරයට පත්වනු ඇත. රැකියා කරන ස්ථානවල දී වැඩි කාර්යක්ෂමතාවක්
සහිතව අන් අය භාර නොගන්නා කාර්යයන් භාර ගැනීමට ඔබ ඉදිරිපත් වනු ඇත. අද දින
නිර්මාංශව සිටින්න. ජය වර්ණය - නිල්, ජය අංකය - 06
මීන ලග්නය
වැඩිමහල් සහෝදරයකුගේ යාන වාහන හෝ සුඛෝපභෝගී දේ මිල දී ගැනීමකට ඔබ
සහභාගි වනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල අවශ්‍යතාවක් සඳහා පොත්පත් කිහිපයක්
මිල දී ගැනීමට වන දිනයකි. හවුල් ව්‍යාපාර ආදියෙන් බලාපොරොත්තු වූ ප්‍රතිඵල ළඟා
කරගත නොහැකිය. මවු පාර්ශ්වයේ කාර්යයක් වෙනුවෙන් ගමන් බිමන් කිහිපයක් සිදුවනු ඇත.
පවුල් සබඳතා වර්ධනය කර ගැනීමට අද දිනය සුබදායකය. බෝධිය වැඳ දවසේ වැඩ අරඹන්න. ජය වර්ණය - රන්වන්,
ජය අංකය - 03
No comments:
Post a Comment