lagna palapala 2018.04.03 - 2018 අප්‍රේල් මස 03 වන අඟහරුවාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.03 - 2018 අප්‍රේල් මස 03 වන අඟහරුවාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

මේෂ ලග්නය :-

වැඩකටයුතු ජයපතා දියත් කරගැනීමේ ශක්තිය යෙදේ.ලිපි ලේඛන කටයුතුවලින් ජයවේ.ඇසුරු කරන්නන් වෙනුවෙන් දවසේ වැඩිකාලයක් යෙදෙයි.ඥාතීන් වෙනුවෙන් ද මිල මුදල් වැය කෙරේ.හදිසි ධන ලාභ ලැබීම්වලට හේතුයි.ශුභ වර්ණය-රතු - ජය අංකය – 05

වෘෂභ ලග්නය :-

මුදල් යොදවා කරනු ලබන වැඩවලින් ජයගෙනේ.නව නිපැයුම් ව්‍යාපාර ඇරඹීමට හේතුයි. නවක ඇසුරට පත්වේ. තම ජයපතා මාර්ග සැලසේ.ඇසුරු කරන්නන් නිසා තරමක් කලකිරීම් ඇති කරයි. බුද්ධියෙන් කටයුතු කර ජය ගැනීම මැනවි.ශුභ වර්ණය- රෝස -ජය අංකය – 02

මිථුන ලග්නය :-

නිශ්චල කටයුතු සඳහා කාලය වැය කිරීමට සිදුවෙයි.ගමන් බිමන්වලදී දුරදිග බැලීම හොඳයි. ව්‍යාපාරවල ජය.පොදු සේවා කටයුතු සඳහා දවසේ වැඩකටයුතුවලින් කාලය වෙන් කරයි. කලබලකාරි දිනකි. වෙනදාට වඩා වැයපස අධික වෙයි.ශුභ වර්ණය-රන්වන්-ජය අංකය – 01

කටක ලග්නය :-

ස්වාධීනව තම කටයුතු සිදු කිරිමේ ශක්තිය ඇතිවෙයි.රාජකාරි ස්ථානවල බාධා ජය ගැනීමේ ශක්තිය ඇතිවෙයි.ආගමික වතාවත් සඳහා කාලය තරමක් වැය කරයි.හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - ක්‍රීම් - ජය අංකය – 06

සිංහ ලග්නය :-

බලාපොරොත්තු ඉටුකර ගැනීමේ ශක්තිය ඇතිවෙයි. ප්‍රීති උත්සව, ප්‍රිය සාදා වලට හේතුයි. සම්මුඛ සාකච්චා පරීක්‍ෂණ වලට ශුභයි. මුදල් යොදවා සිදු කරනු ලබන කටයුතුවලින් ජයවේ.භූමි ලාභ් ලගාකරදෙන දිනකි. ශුභ වර්ණය - තැඹිලි- ජය අංකය – 03

කන්‍යා ලග්නය :-

දුර වන්දනා විනෝද ගමන්වලට හේතුයි.මංගල උත්සව,ප්‍රිය සම්භාෂණවලට අවස්ථාව යෙදේ.දුරස්ථ මිත්‍රාදීන් නැවත සමීප වෙයි.යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි.භූමි සම්පත් ලගාකරදෙන දිනකි.ශුභ වර්ණය- කොළ- ජය අංකය – 09

තුලා ලග්නය :-

නිර්මාණකරණයට හොඳයි.ප්‍රිය සාදවලට හේතුයි.කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතුකරන බැවින් කතාවේදී දුරදිග බලා කටයුතුවල යෙදීම හොඳයි.යාන වාහන මිලට ගැනීමට විකිණීමට ශුභයි.හදිසි වාහන ගුණය ඉස්මතු කරවන දිනකි.ශුභ වර්ණය - සුදු - ජය අංකය – 04

වෘශ්චික ලග්නය :-

නිවසේ උත්සවශ්‍රීයාවක් ඇතිවෙයි. හදිසි ගමන් බිමන් යෙදේ. තම ඥාතී, හිතමිතුරන් සමඟ සුහද හමුවීම්, සාකච්ඡා වැනි දෙයකට හේතුයි. තම ආදායම් මාර්ගවල ඉහල මට්ටමක් පෙනේ. නවක මිතුදම් ඇතිවෙයි. ශුභ වර්ණය - ලා රතු - ජය අංකය – 07

ධනු ලග්නය :-

බලාපොරොත්තු ඉටුකර ගැනීමේ ශක්තිය උදාවෙයි.දුර ගමන් බිමන් තම ඥාතීන් උදෙසා කැපවීම්වලට හේතුයි.ශාස්ත්‍රීය කටයුතුවලින් ජයවේ.ප්‍රීති උත්සවවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ.හදිසි වාසනා ගුණය ඉස්මතු වි. ශුභ වර්ණය - ලා දුඹුරු - ජය අංකය – 01

මකර ලග්නය :-

එතෙර ගමන් යෙදේ.තරමක් කලකිරීම් ඇති කරවන ප්‍රශ්න මතු කරයි.ඇසුරු කරන්නන්ගේ මත වාද ඇතිවන බැවින් දුරදිග බලා කටයුතු යෙදීම මැනවි.ඥාතීන්ගේ අවශ්‍යතා මත තරමක් වැයපස අධික කරයි. ශුභ වර්ණය - ලා නිල් - ජය අංකය – 08

කුම්භ ලග්නය :-  

කලක් සැලසුම් කල කරුණු කාරනා ජයවන ලකුනු ඇතිවෙයි. සිත ප්‍රබෝධමත් වෙයි. අන්සතු දේපල උරුමයකට, හේතුය. මුදල් යොදවා සිදුකරනු ලබන කටුයතුවලින් ජයවේ. අමතර ලාභ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - තද නිල් - ජය අංකය – 05

මීන ලග්නය :-

ප්‍රබෝධමත්ව දවස ගෙවයි. ප්‍රීති උත්සව, ප්‍රිය සාදකවලට හේතුයි.දුර ගමන් ඇතිවෙයි. විදේශ ගමන්වලට හේතුයි. හවුල් ව්‍යාපාරවලින් ජයවේ. සම්මුක පරීක්‍ෂණ, සාකච්චා ආදියට හොදයි. භුමි ලාභ් ළගා කර දිනකි. ශුභ වර්ණය - කහ - ජය අංකය – 03

No comments:

Post a Comment