lagna palapala 2018.04.04 - 2018 අප්‍රේල් මස 04 වන බදාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast - Lagna Palapala

Thursday, April 19, 2018

lagna palapala 2018.04.04 - 2018 අප්‍රේල් මස 04 වන බදාදා ඔබේ ලග්නයට කොහොමද daily astrology forecast

මේෂ ලග්නය :-

ශුබ ඵල ගෙනෙන දිනකි.රාජකාරි බහුල වෙයි.ව්‍යාපරික කටයුතුවල ප්‍රගති පෙනේ. වැඩකටයුතු ඇරඹීමට හොඳයි.නිවාස,දේපල මිලට ගැනීමට විකිනීමාදියට ශුභයි. ප්‍රීති උත්සව, ප්‍රිය සාද ඇතිවෙයි.හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. ශුභ වර්ණය - දම් - ජය අංකය – 05

වෘෂභ ලග්නය:-

තමන්ගේ බලාපොරොත්තු තරමක් හෝ ජයගනී.දුර එතෙර ගමන් සඳහා ශුභයි. ප්‍රීති උත්සව සඳහා සහභාගීවෙයි. අසරණයන් වෙනුවෙන් කැපවන දිනකි.වැයපස අධිකවෙයි.පුද්ගලික ව්‍යාපාරවල ඉදිරි දැක්මක් පෙනේ.ශුභ වර්ණය-ලා රතු - ජය අංකය - 01 

මිථුන ලග්නය:-

බලාපොරොත්තු අරමුණු කරා යයි.උස් පහත් භේදයකින් තොරව ඇසුරු කරන්නෝ ඒකරාශී කර ආගමික වතාවත්වල යෙදේ.යහපත් දේ ගරුකර කටයුතු කරයි.දේපල මිලට ගැනීමට විකිණීමට ශුභයි.ශුභ වර්ණය - සුදු ජය - ජය අංකය - 06 

කටක ලග්නය:-

රාජකාරි ස්ථානවල තරමක් මත ගැටුම් ඇතිවේ.තමන් පසුපස කුමන්ත්‍රණ බලවේග ක්‍රියාකරයි. බුද්ධිමත්ව දවසේ කටයුතුවල යෙදීම හොඳයි.නමට කැළලක් ඇතිවීමට ඉඩඇති බැවින් ඇසුරේදී බුද්ධිමත් වීම මැනවි. ශුභ වර්ණය - ක්‍රීම් - ජය අංකය – 02

සිංහ ලග්නය:-

ශුභඵල ගෙනදෙන දිනකි.සුපුරුදු රාජකාරි කටයුතු සතුටින් කරන අතර,පොදුසේවා කටයුතුවල නිරතවෙයි. ළගම ඥාතීන් සමඟ සුහදතාව වර්ධනය වන කටයුතු යෙදේ.භුමි සම්පත් උදාකරන දිනකි. ඒ ගැන දවසේ උනන්දුව ශුභයි.ශුභ වර්ණ - ලා දම් - ජය අංක - 04 

කන්‍යා ලග්නය:-

රාජකාරි ස්ථානවල සුළුවෙන් හෝ මතගැටුම්වලට හේතුයි. අරාංචි පමණින් කලබලවීම සුදුසු නොවේ.සුපුදුරු ක්‍රියාවල්වලට අමතරව ශාස්ත්‍රීය කටයුතුවලින් ජයවේ.නව නිර්මාණකරණයට හොඳයි. නව රැකියා ලාබ ලැබීම්වලට හේතුයි.ශුභයි. ශුභ වර්ණ - කොළ - ජය අංක – 08

වෘශ්චික ලග්නය:- 

දුර ගමන්, හදිසි නිපැයුම් සඳහා ශුභයි.නිවාස මිලට ගැනීමට, අලුත්වැඩියාවට ශුභයි.ලිපි ලේඛන කටයුතුවලට අයැදුම් පත් තැපැල් කිරීම ආදියට ශුභයි. වෙනදාට වඩා වැයපස අධිකවෙයි. භුමි ලාභ ළගා කරන දිනකි. ශුභ වර්ණ - රන්වන් - ජය අංක – 08

ධනු ලග්නය:-

නව වැඩ ඇරඹීමට ඉදිරියට ගෙනයෑමට ශුභයි.නිවාසලනව ඉඩකඩම් මිලට ගැනීමට, විකිණීමට ශුභයි. හවුල් වැඩවලට ශුභයි.ඇසුරුකරන්නෝ යමඟට යොමු කරවන කටයුතු වලට යොමු කරයි. හදිසි ධන ලාභ ලැබීම්ට හේතුයි. ශුභ වර්ණ - රෝස - ජය අංක – 07

මකර ලග්නය:- 

දවස සාමාන්‍ය ලෙසින් ගෙවේ. දුර ගමන්, එරෙත ගමන් සඳහා ශුභයි.නවක මිතුරු, මිතුරියන් සමඟ බැදේ. ශාස්ත්‍රීය කටයුතුවලින් ජයවේ. විනෝදකාමී ගමන්, වැඩසටහන්, යෙදේ. වෙදනාට වඩා වැයපස ඉහල යයි. ශුභ වර්ණ - නිල්- ජය අංක – 04

මීන ලග්නය :-

උනන්දුවේ තරමට ප්‍රතිඵල අත් වෙයි.අනුන්ගේ අවශ්‍යතා මත තරමක් කියා කිරීමට සිදුවෙයි.මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ජයවේ.තුරඟ තරගවිල් ජයවේ.රැකියා ස්ථානයේ උසස්වීම් හෝ රැකියා ලාභ ලැබීම්වලට හේතුයි.ශුභ වර්ණ - තද කහ- ජය අංක – 09

No comments:

Post a Comment