මේෂ ලග්නය :-
තරමක් ශුභඵල දෙන දිනකි. සමාජ සේවා කටයුතු, පොදු සේවා කටයුතුවල යෙදේ. ඇසුරුකරන්නෝද යහමගට යොමුකරවන කටයුතුවල යෙදේ. ආගමික උත්සවවලට සහභාගීවීමේ අවස්ථා යෙදේ. පරෝපකාරීව කටයුතුවල යෙදෙන දිනකි. තරමක් වැයපස ඉහළ යයි. ශුභ වර්ණ - රතු - ජය අංක – 05
වෘෂභ ලග්නය :-
ගමන් බිමන් අදිකවෙයි. විනෝද ජනක කටයුතුවල යෙදේ. තම ඥාතී මිත්‍රාදීන් ඒකරාශීව කටයුතු කරයි. ප්‍රීති උත්සවලට හේතුයි. අලංකාර කටයුතු සඳහා වැය පස ඉහළ යයි. තරමක් සිත් සැහැල්ලුවෙන් දවස ගෙවයි. භුමි ලාභ, භුමි සම්පත් ළගා කරදෙයි. ශුභ වර්ධන - සුදු - ජය අංකය - 03
මිථුන ලග්නය :-
තම ඥාතීන්ගේ අවශ්‍යතා මත දවසේ කටයුතු සැලසුම් දුරස්ථව සිටි මිතුරන් සමීපවන කරුණු යෙදේ. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. භුමි ලාභ, භුමි සම්පත් ළගා කරන දිනකි. තරමක් වැයපස අධික කරයි. ශුභ වර්ධන - කොළ - ජය අංකය - 01
කටක ලග්නය :-
ගමන් බිමන් අදිකවෙයි. රාජකාරි කටයුතුවලින් අත්මිදේ. තරමක් සැහැල්ලුවෙන් දවස ගෙවයි. ඥාතීන් ඒකරාශීව කටයුතු කරන අතර, සුහද හමුවීම් සාකච්චාවලට හේතුයි. විනෝද ජනක කටයුතුවලටද යොමුවෙයි. තරමක් වැය පස අධික වෙයි. ශුභ වර්ධන - ක්‍රීම් - ජය අංකය - 04
සිංහ ලග්නය :-
ගමන් බිමන් අධික වෙයි. දුර ගමන්, වන්දනා ගමන් යෙදේ. ප්‍රීති උත්සව, ප්‍රි සාදවලට හේතුයි. පැරැණි මිතුදම් වර්දනය වන කරුණු කාරණා යෙදේ. සුහද හමුවීම්, සුහද සාකච්ඡා වැනි දේට හේතුයි. එතෙර ගමන් සඳහා ශුභයි. ශුභ වර්ධන - තැඹිලි - ජය අංකය - 06
කන්‍යා ලග්නය :-
සුපුරුදු රාජකාරිවල අතමිදී තරමක් සැහැලුවෙන් දවස ගෙවයි. තම ආගමික විනෝද ජනක ක්‍රියා සඳහා යොමු වන අතර තම ඇසුරුකරන්නෝ සමග සුහදතා වර්දනය කටයුතුවල යෙදේ. මුදල් යොදවා සිදුකරනු ලබන කටයුතුවලින් ජයදෙයි. ශුභ වර්ධන - රන්වන් - ජය අංකය - 02
තුලා ලග්නය :-
තම සුදුපුරුදු රාජකාරිවලින් අතමිදුනද, බලාපොරොත්තු රහිත ගමන් බිමන් යෙදේ. විනෝද ගමන් , වන්දනා ගමන් යෙදේ. විනෝද ජනක කටයුතු සඳහා තරමක් කාලය, ධනය වැයකරයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදේ. ශුභ වර්ධන - රෝස - ජය අංකය - 07
වෘශ්චික ලග්නය :-
නිවසේ උත්සව ශ්‍රියාවක් ඇතිවෙයි. තම ඥාතී වර්ගය,අනොන්‍ය සබඳතා වර්ධනය වෙයි. පැරැණි මිතුදම් වර්ධනය වෙයි.ආගමික වතාවත් සඳාහා කටයුතු සැලසෙයි. ආගමික උත්සව සඳහා සහභාගීවීමේ අවස්ථා යෙදෙයි. හදිසි ලාභ ලැබීම් ලබන දිනකි. ශුභ වර්ධන - දුඹුරු - ජය අංකය - 04
ධනු ලග්නය :-
සුපුරුදු රාජකාරීවලින් නිදහස්ව දවස ගෙවයි. සමාජ සේවා සඳහා යොමුවෙයි. ඥාතීන්, හිතමිතුරන් ඒකරාශීව ආගමික වතාවත්වල ආගමික ගමන් බිමන්වල යෙදෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත්යොමුකරයි. පරාර්ථකාමී කටයුතුවල යෙදෙන දිනකි. ශුභ වර්ධන - කහ - ජය අංකය – 09
මකර ලග්නය :-
ශුභ දිනකි. තම අරමුණු සාර්ථක කරගැනීමේ ශක්තිය ඇතිවෙයි. රාජකාරි ස්ථානවල කැපීපෙනෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. හදිසි ගමන් බිමන් යෙදේ. ඇසුරුකරන්නන් අතර ප්‍රසාදය දිනා ගනී. හදිසි ලාභ ලබන දිනකි. ශුභ වර්ධන - නිල් - ජය අංකය – 08
කුම්භ ලග්නය :-
ශුභ ගමන්, ප්‍රිති උත්සව යෙදේ. නව නිවාස මිලට ගැනීමට හොඳයි. මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ජයවේ. තම ඥාතීන් අතර ප්‍රධාන වෙයි. විදේශ ගමන් සඳහා ශුභයි.තම ආර්ථිකයේ වර්ධනයට හේතු ගෙනදෙයි.ආගමික වතාවත්වලට මුල් තැන දී කටයුතු කරයි. ශුභ වර්ධන - දම් - ජය අංකය – 05
මීන ලග්නය :-
දුර ගමන්, හදිසි ගමන් බහුල දිනකි. තම ඥාතීන් වෙනුවෙන් කාලය, ධනය වැය කිරීමට සිදුවෙයි. රැකියා ස්ථානවල මතභේද සමනය කරයි. ඇසුරු කරන්නන්ගේ ප්‍රසාදය දිනාගනී.සම්මුඛ පරීක්‍ෂණ, සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි. හදිසි ධන ලාභ ලබන දිනකි. ශුභ වර්ණය - රන්වන් - ජය අංක - 03
No comments:
Post a Comment